'' ඔයා තව හිනාවෙන්න පුරුදු වෙන්න. මොකද ඔයා හරිම ලස්සනයි හිනාවෙන කොට කතාවල වැවේ රෑට නෙළුම් මල් කඩන්න එනවා කියන සුරංගනාවක් වගේ.”
කොපුල් රත් පැහැ වනු මටම දැනින. දිවියේ කිසි කලෙක මා ලැජ්ජාශීලි වී නොමැත.එහෙත් අමන්ගේ අළු පැහැ දෙනෙත් ඉදිරියේ ප්‍රථම වරට මගේ දෙනෙත් බිමට හැරවින.
"නෙත් දෑල රඟනා රැඟුම් සුරඟන සේයා සරනා බැලුම් නෙළුම් පැහැ විසිරුණු කොපුල් සරා සඳ සරි සොඳුර මනරම් ” අමන් රිද්මයකට මිමිනුවේය.
"ඔයා ද ඕවා ලිව්වේ. ?" මම ඈත කඳු පෙල වෙත නෙතු රඳවා ගෙනම විමසුවෙමි. ඔහු මා කවියකට මුසු කර ඇත. ඔහු මා දකින්නේ එලෙසින්ද. එම දැක්ම සිත මනමත් කරවන සුළුය. "ම්... කෙනෙක්ට ලිව්වෙ.”
ඒ කාටදැයි මම නොඇසුවෙමි. ඔහු පැවසුවේද නැත. එහෙත් සුව කරන්නා සහ විනාශ කරන්නී අතර නිහඬතාවයේ නොකියූ දහසක් දෑ පණ ලබා ඇත.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.