Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැරිසරන්නී

සැරිසරන්නී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'' ඔයා තව හිනාවෙන්න පුරුදු වෙන්න. මොකද ඔයා හරිම ලස්සනයි හිනාවෙන කොට කතාවල වැවේ රෑට නෙළුම් මල් කඩන්න එනවා කියන සුරංගනාවක් වගේ.”

කොපුල් රත් පැහැ වනු මටම දැනින. දිවියේ කිසි කලෙක මා ලැජ්ජාශීලි වී නොමැත.එහෙත් අමන්ගේ අළු පැහැ දෙනෙත් ඉදිරියේ ප්‍රථම වරට මගේ දෙනෙත් බිමට හැරවින.

"නෙත් දෑල රඟනා රැඟුම් සුරඟන සේයා සරනා බැලුම් නෙළුම් පැහැ විසිරුණු කොපුල් සරා සඳ සරි සොඳුර මනරම් ” අමන් රිද්මයකට මිමිනුවේය.

"ඔයා ද ඕවා ලිව්වේ. ?" මම ඈත කඳු පෙල වෙත නෙතු රඳවා ගෙනම විමසුවෙමි. ඔහු මා කවියකට මුසු කර ඇත. ඔහු මා දකින්නේ එලෙසින්ද. එම දැක්ම සිත මනමත් කරවන සුළුය. "ම්... කෙනෙක්ට ලිව්වෙ.”

ඒ කාටදැයි මම නොඇසුවෙමි. ඔහු පැවසුවේද නැත. එහෙත් සුව කරන්නා සහ විනාශ කරන්නී අතර නිහඬතාවයේ නොකියූ දහසක් දෑ පණ ලබා ඇත.

ISBN
9786246881252
පිටු ගණන (Pages)
373
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැරිසරන්නී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.