Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සෙනෙහසේ හිමිකාරී

සෙනෙහසේ හිමිකාරී

About this book
අංජු කල්කටාවේ කුලවත් පවුලක දියණියයි. ඇගේ ඥාති සොහොයුරිය වන සුධා ඒ පවුලේ නොහික්මුණු පුත්‍රයාගේ දියණියයි. සුධා රූමත් සන්සුන් මුදු සිතැත්තියක් වන අතර අංජු සාමාන්‍ය පෙනුමෙන් යුත් තීක්ෂණ බුද්ධියක් ඇති පහසුවෙන් කිසිවෙකුටත් හිස නොනවන යුවතියකි. ඔවුන් දෙදෙනාගේ ගතිගුණ අහසට පොළව මෙන් වුවත්, ඔවුන්ගේ මව්වරුන්ටද වටහාගත නොහැකි ආකාරයේ දැඩි බැඳීමකින් උපන්දා සිට ඔවුහු එකිනෙකා වෙත බැඳී සිටිති. කෙසේ වුවද සුධාට තම පවුලේ සැඟවුණු භයානක රහසක් දැන ගැනීමට ලැබුණු විට ඒ බැඳීම දෙදරා යයි. පසුව යෝජිත විවාහයකට බල කරනු ලැබ, ඔවුන්ගේ ජීවිත එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දිශාවන්ට වැටුණු මාවත් වලට අවතීර්ණ වේ. දැඩි අදහස් ඇති, අර්ධ නාගරික පවුලක ලේලිය බවට සුධා පත්වන අතර අංජු ඇගේ සැමියා සමඟ ඇමෙරිකාවට ගොස් ඇයටම සීමා වූරහස් සමඟ ජීවත් වන්නට හුරු පුරුදු වෙයි. කාලය ගෙවී යද්දී ඔවුන් දෙදෙනාටම තම ජීවිත වල දරුණු ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදුවේ. ඒ වනවිට ඔවුන් අතර කොතරම් දුරස්ථභාවයක් ගොඩනැගී තිබුණද ඒ අසීරු අවස්ථාවලදී එකිනෙකාගෙන් පිහිට පතනවා ඇර අන් කිසිවෙකු වෙත යන්නට තමන්ට අවැසි නොවන බව ඔවුන් වටහා ගන්නේ එවිටය. එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස් ඉන්දියානු හා ඇමෙරිකානු සමාජ පසුබිම් කරගෙන ලියැවී ඇති මේ නවකාතව ආදරය, සහෝදරත්වය, පරිත්‍යාගය හා නොසැලෙන ධෛරියය පිළිබඳව හද සසල කරවන අපූරු කතාවකි.
Details
ISBN
9789556528794
පිටු ගණන (Pages)
502
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සෙනෙහසේ හිමිකාරී

Reviews are published once a member of our team has read them.