සාක්ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්‍රියාවලිය
ශ්‍රී ලංකාවේ සාක්‍ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්‍රියාවලිය සම්බන්ධව
නීතිඥයන්ට, නීති ශිෂ්‍යයන්ට හා පොදු ජනතාවට වැදගත් වන
කරුණු රැසක් ඇතුළත් අත්පොත
සාක්‍ෂි නීතිය
සහ
නඩු ඇසීමේ ක්‍රියාවලිය
නීතිඥ නිලන්ත හෙට්ටිගේ
නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසින් සම්පාදනය කරන ලද සාක්‍ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්‍රියාවලිය නම් වූ මෙම කෘතිය නීතිඥයන්ට සහ නීති ශිෂ්‍යයන්ට මෙන්ම සාමාන්‍ය පොදු ජනතාවටද වැදගත් වන සේ සකසා ඇත. සිවිල් හෝ අපරාධ නඩුවක වැදගත්ම පියවර නඩු ඇසීමේ අවස්ථාවයි. ‘නඩු විභාගය’ ලෙස හැඳින්වෙනුයේ ද නඩු ඇසීමයි. පෙර කල පැවැති නඩු කටයුතු, නඩු ඇසීමට, තීරණ දීමට හා තීරණ ක්‍රියාත්මක කිර්මට සීමා විය.
අද වන විට ඒ තත්වය සහමුලින්ම වෙනස් වී ඇත. නූතනයේ නඩු විභාගවලට පෙර විධිමත් කාර්ය පටිපාටියක් අනුගමනය කිරීමට සිදු වේ. නඩු විභාග සිදුවනුයේ විධිමත් කාර්ය පටිපාටියකට අනුවය. එබැවින් සාක්‍ෂි විමසීම පිළිබඳ පැහැදිලි වැටහීමක් හා අවබෝධයක් ලබා දෙනු පිණිස මෙම කෘතිය සකස් කර ඇත.
සැබැවින්ම මෙම කෘතිය සාක්‍ෂි විමසීමේ කාර්යය පිළිබඳ අංගසම්පුර්ණ හා සංක්ෂිප්ත අත්පොතක් ලෙස ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. අධිකරණ කටයුතුවලදී සාක්‍ෂි මෙහෙයවන නීතිඥයන්ටත්, නීති අධ්‍යයන කටයුතුවල යෙදෙන නීති ශිෂ්‍යයන්ටත්, සාමාන්‍ය මහජනතාවටත් මෙම කෘතිය එක සේ වැදගත් වනු ඇත.
- සම්පාදක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.