Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ශරීර භාෂාව

ශරීර භාෂාව

About this book

පසු වදන...

මගේම ශිෂ්‍යයකු වන ප්‍රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග්‍යක් කොට සලකමි.

ඕස්ට්‍රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප්‍රවීන ලේඛක ප්‍රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීය වේ.

කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප්‍රකාශය තහවුරු කිරීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප්‍රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ්‍යනය කර එහි සන්නිවේදන ක්‍රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරින් ඉදිරිපත් කිරීමට ප්‍රියන්ත පෙරේරා මහතාට හැකි වී ඇත.

ප්‍රියන්ත පෙරේරා මහතා දක්ශ ඉංග්‍රීසි දේශක වරයෙකි. ඔහු විසින් ලියා ඇති ග්‍රන්ථ ගණනාවකි. එය අන් කිසිවක් නිසා නොව ප්‍රියන්ත පෙරේරා මහතාගේ ලේඛන ශෛලිය විශිෂ්ඨ නිසාය. ඇලන් පීස් මහතා ගැඹුරු ඉංග්‍රීසි බසින් ලියු විද්‍යාත්මක ග්‍රන්ථය ප්‍රියන්තගේ පෑන් තුඩින් සිංහල පාඨක හදවත් තුළට කිඳා බැස ඇත. ඔහුගේ ඉංග්‍රීසි ගුරුවරයා ලෙස මම ඒ ගැන ඉතා ආඩම්බර වෙමි. එමෙන්ම ඔහුට හදවතින්ම සුභ පතමි.

වෙළඳ සැලකට පැමිණෙන ගනුදෙනුකරුවකුගේ හැසිරීම් රටාවන් ඔහුගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමට වෙළෙන්දාට හැකි විය යුතුය. සිසුන්ගේ හැසිරීම් තුළින් දෙනු ලබන පණිවුඩය තේරුම් ගැනීමට ගුරුවරයාට හැකි විය යුතුයි. දරුවන්ගේ බොහෝ පණිවුඩ වචනවලට වඩා හැඟීම් වලින් ලබාදෙන නිසා එය දෙමාපියන්ට වැදගත්ය. වැඩබිමේදීත් මඟතොටේදී මිනිස් "අංග චලනයන්” බොහෝ දෙනා යොදා ගන්නා සන්නිවේදන මාධ්‍යයන්ය.

එසේ නම් ''ශරීර භාෂාව” ව්‍යාපාරික ප්‍රජාව, ගුරුවරුන් දෙමව්පියන් රැකියා කරන්නන් යන සෑම දෙනා ම කියවිය යුතු ග්‍රන්ථයකි.නව ආරක විෂයක් වන “ශරීර භාෂාව” ලංකා පාඨකයින්ට හඳුන්වාදීමට ප්‍රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය නිසා ඔහු අනාගතය සඳහා බිහිවූ යුග පුරුෂයකු බවට පත්වනු නොඅනුමානයි.

සුවහසක් ඉංග්‍රීසි පිපාසිකයින් වෙනුවෙන් තව තවත් ග්‍රන්ථ බිහිකිරීමට ප්‍රියන්ත පෙරේරා මහතාට හැකිවේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

A. මෙත්තානන්ද (ACA,AP,FA,M.A.SPT.R 1st CLASS)

ජේෂ්ඨ කථිකාචාර්ය සේවය අධ්‍යාපන ආයතනය(කොළඹ විශ්‍යවිද්‍යාලය)

ගුරු උපදේශක ලංකා බැංකු(පුහුණු ආයතනය)

ISBN
9552043417
පිටු ගණන (Pages)
91
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශරීර භාෂාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.