ශුක්රාන් කටාර්
About this book
මුලින්ම ඕමානයට ආ දවස සිහිපත් වුණා. ගෙදරදීත්. ගුවන් තොටුපලේදීත් හිර කරගෙන තිබුණු කඳුළු වැස්ස දෝරේ ගලන්න ගත්තේ උඩුගුවනේදීයි. ඕමාන් එයාර් ගුවන් සේවිකාවන්ට මට ලේන්සු සපයනවාට වඩා රාජකාරියක් තිබුණෙ නෑ.
ඒ තරමට අඬලා ගුවන් තොටින් බහිද්දී කඳුළු වේලීලා. ලංකාවේ රාජකාරිය ගැන අන්තෙටම කලකිරිලා හිටපු
මම අපායට යන්න වුණත් සුදානමෙන් හිටියේ. කොහොම වුණත් සැප දුක දෙකම අතර දෝලනය වෙමින්
අවුරුදු අටක්ම ගෙවා ගත්තා. ලංකාවේ දී කරන්න ඉඩ නොදුන් හැම දෙයක්ම මම මේ රටේ දී ඉහළින්ම කෙරුවා.
රාජකාරිය ගැන අතිශයින්ම තෘප්තිමත්. හැකි උපරිම කාලයක් මගේ උපරිම ශක්තිය මම මේ රටේ
දියුණුව සඳහා යොදවනවා.මගේ රට ගැන අවංකවම දුකයි.
-senarath kumarasiri perera-
Details
ISBN
9789556565515
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review