Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සිංදු ගහේ මල් පිපිලා

සිංදු ගහේ මල් පිපිලා

About this book

දරුවන් වෙනුවෙන් බොහෝ පොත් ලියැවේ. පොත් ප්‍රකාශයට පත් වේ. එහෙත් දරුවන්ට පොත් ලිවීම සරල කටයුත්තක් ද? ලියැවෙන, ප්‍රකාශයට පත් වන සියලු පොත් දරුවන්ට සුදුසු ද? ගැලපේ ද? මේ කතිකාව දැන් දැන් බරපතල ලෙසින් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

එක් අතකින් දරුවන්ගේ ආකර්ශණය දිනාගනිමින් අනෙක් අතින් ඔවුන්ගේ දැනුම, අවබෝධය සහ ආකල්ප දියුණු කිරීම වෙනුවෙන් පොත් ලිවිය යුතු ය. යන අදහස ඒ අනුව පෙරට පැමිණ තිබේ.

දරුවන් සමග දිගු කලක් වැඩකර ඇති අප සොහොයුරු ලලිත් "සිංදු ගහේ මල් පිපිලා” එළි දක්වන්නේ ඉහතින් සඳහන් නිර්ණායකයන් කෙරෙහි අවබෝධයෙන් බව පැහැදිලි ව පෙනෙයි. එක් අතකින් අතීත ගැමි හැඩරුව ද, අනෙක් අතින් වත්මන් සංකල්ප ද එකට මුසු කොට සහජීවනය ද, ආදරය ද, කරුණාව ද පාඨකයා තුළ රෝපණය කරන්නට ගත් සියුම් උත්සාහයකි,මේ පොත.

පොතේ අවසානය පාඨකයා, අනපේක්‍ෂිත පුදුමයකට පමුණුවයි. කතා නායිකාව ගැන ඒ පිළිබඳ ව හෙළිදරව්ව විසින් කතාව යළි මුල සිට කියවා බලන්නටත්, කතාවේ විස්තර කෙරෙන සිදුවීම් පිළිබඳ ගැඹුරින් විමසා බලන්නටත් පාඨකයා තුළ පෙළඹවීමක් ඇති කරයි. මෙවැනි නිර්මාණ ඔහු අතින් වැඩි වැඩියෙන් බිහි වේවායි පතමි.

 

මහින්ද සෙනරත් ගමගේ

ප්‍රවීණ ලේඛක හා පරිවර්තක

Details
ISBN
9786242100807
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සිංදු ගහේ මල් පිපිලා

Reviews are published once a member of our team has read them.