Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි 6-7-8 ශ්‍රේණි

සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි 6-7-8 ශ්‍රේණි

About this book

සිංහල භාෂාවේ සාවද්‍ය හා නිරවද්‍ය ව්‍යාකරණ හඳුනාගැනීම බොහෝ දෙනෙකුට දුෂ්කර කාර්යයක් වී තිබේ. පාසල් අධ්‍යාපනය හා ශාස්ත්‍රීය ලිපිලේඛන ආදියේ සිංහල භාෂා භාවිතය ගැන විමර්ශනය කිරීමේ දී මේ බව සනාථ වෙයි.
සිංහල භාෂා භාවිතයේ දුර්වලතා කෙරෙහි හේතු දෙකක් මුල් වී ඇත. එකක් නම් අනවබෝධයයි. අනෙක නම් නොසැලකිල්ලයි. මේ නිසා වර්තමනා සිංහල ලේඛන ව්‍යවහාරය තුළ දක්නට ලැබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඉහත සඳහන් පසුබිම ගැන සැලකීමේදී සිංහල භාෂාවේ නිවරැදි ව්‍යාකරණ සංග්‍රහයක් පළකිරීම සඳහා ශ්‍රී ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර මහතා දැරූ උත්සාහය සාකල්‍යයෙන් ම සාර්ථක වූවක් බව මගේ හැඟීමයි. විදුහල්පතිවරයකු රාජ්‍ය සම්මාන ලත් ගත්කතුවරයකු පමණක් නොව, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පෙළපොත් සංස්කාරවරයකු වශයෙන් ද ඒ මහතා ලැබූ අත්දැකීම් හා ප්‍රායෝගික ඥානය මේ පොත සම්පාදනයේ දී උපයෝගි කරගත් බව සැලකිය හැකි ය.
සිංහල භාෂාවේ අක්
‍ෂර සංවිධානය, පද, වචන, වාක්‍ය හා ශිල්පීය දක්‍ෂතා පිළිබඳ දැනුම දියුණුකිරීම සඳහා ගුණසේකර මහතා මෙහි දී උත්සාහ දරා ඇත. කාලීන වශයෙන් මෙබඳු උසස් කෘතියක් ලියා පළකිරීම ගැන සිංහල භාෂාව හදාරන කාගේත් ප්‍රශංසාව ඒ මහතාට හිමි විය යුතු ය.

ISBN
9789556718546
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි 6-7-8 ශ්‍රේණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.