සිංහල උක්තාඛ්යාත පද සම්බන්ධය
මාර/නිමලව කනිෂ්ඨ විදුහලෙන් හා ගා/බටෙමුල්ල කනිෂ්ඨ විදුහලෙන් මූලික අධ්යාපනය ලබා වයස අවුරුදු 13 දී සාමාන්ය පෙළ සමත්ව, අවුරුදු 15 දී උසස් පෙළ සමත්ව, සොළොස් වැනි වියේ දී ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයට ඇතුළත්ව ශාස්ත්රවේදී ගෞරව උපාධිය (විසිවෙනි වියේ දී) සමත් වූ මෙම කතුවරයා 17 වැනි වියේ දී රාජකීය පණ්ඩිත (ප්රාචීන භාෂෝපකාර සමාගමේ අවසන් අදියර විභාග අංක 7005) විභාගය ලංකාවෙන් ම පළමුවැනියා ලෙසට සහ 17 වන වියේ දී සමත් වී 2000 වසරේ ලංකාවේ ළාබාලතම රාජකීය පණ්ඩිත උපාධිධාරියා වෙමින් ත්යාග 08න් 06ක් ජයග්රහණය කළේ ය.
බප/ශ්රී ජය සුභද්රාරාම පිරිවෙන් විද්යායතනයේ හිටපු සිංහල ආචාර්යවරයෙකු මෙන් ම පුරා වසර 13ක් තිස්සේ කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්යාලයන්හි බාහිර උපාධි කථිකාචාර්යවරයෙක් ද වෙයි. ගණකාධිකාරී ශිල්පීය ආයතනයේ තෙවැනි අදියර ද සමත් මොහු කැලණිය විශ්වවිද්යාලයේ දර්ශනපති උපාධිධාරියෙකි. තව ද ලංකාදීප පුවත්පතෙන් මාධ්ය ජීවිතය ඇරඹූ මෙම කතුවරයා මාධ්යවේදියෙකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම මල් පෙත්තකට හොරෙන් නම් වූ ස්වකීය ගායනයෙන් හැඩ වූ නිර්මාණ සමුච්චයක ගී පද මෙන් ම තනු නිර්මාණයෙන් දායක වූ නිර්මාණකරුවෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.