සිංහලේ ජාතික සටන්
මුර්සි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්‍රීසි පාලකයෝ ප්‍රංශ ජාතික විශ්‍රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්‍රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එන සටහන් අනුව, මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.
කුදු ගැසී සිටි මහ නිළමේ මුරුසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්‍රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය.
"දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමෙ... මුකුත් නැතිවෙලා ද?"
"ඔව් මිත්‍රයා... මම මගේ නැතිවී ගිය සිංහල ප්‍රෞඪත්වය හොයනවා"
මවු බිමේ නිදහස දෙස බස රැස පිළිබඳ ව පිරිහී ගිය සිතුම් පැතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය.
- සිංහලේ ජාතික සටන් - 195 වන පිටුව
ඉංග්‍රීසි හා ස්වදේශික හමුදාවක් සමග ගමන් කරමින් සිටිය ද මොනරවිල කැප්පෙටිපොළ දිසාවගේ ඉංග්‍රීසි විරෝධී හැඟීම් උත්සන්න වෙමින් තිබුණි. ඉංග්‍රීසීන්ගේ අණ යටතේ ඔවුනට තවදුරටත් ආවතේව කරමින් සිටීම ජාතිය පාවාදීමක්යැයි හේ සිතුවේ ය. ඌව බලා පැමිණි ඔහු අලුපොත දී තමා පතමින් සිටි කරණම ගැසුවේ ය. නොවැම්බර් 01 වැනිදා හෙතෙම තම හමුදාව සන්තකයේ තිබුණු ඉංග්‍රීසීන්ට අයත් තුවක්කු ඇතුළු සියලු අවි ආයුධ ඉංග්‍රීසි භටයනට බාර දුන්නේ ය. ආපසු මහනුවරට ගොස් සියලු අවි ආයුධ ඉංග්‍රීසි සේනාධිනායකයා වෙත බාර දෙන්නැයි ඔහු ඉංග්‍රීසි භටයිනට උපදෙස් දුන්නේය. මෙතැන් පටන් අධිරාජ්‍යවාදී සතුරා මුළුමනින් ම සමූලඝාතනය කොට සිංහල දේශයේ ස්වාධීනත්වය යළි දිනා ගැනීමේ මහා සටන අරඹන්නට කැප්පෙටිපොළ දිසාව මෙහිදී තීන්දු කර ගත්තේ ය. ආයුධ ගෙන ආපසු යන ඉංග්‍රීසි භටයින් අත, මහනුවර සිටින සුදු අණ දෙන්නවුනට හෙතෙම පණිවිඩයක් ද යැවී ය. "තොපේ තුවක්කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්කු තොපේ ආණ්ඩුකාරයාට බාර දී, ඌවේ දිසාව ඉංග්‍රීසිනට එරෙහිව නැඟී සිටින බව දන්වා සිටිව්"
- සිංහලේ ජාතික සටන් - 63 වන පිටුව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.