සිවිල් සමාජයේ අරගලය
වත්මන් ආණ්ඩුව සහ සිවිල් සමාජය නියෝජනය කරන නීති ගරුක පුරවැසියන් අතර පැහැදිලිවම අරගලයක් අද පවතී. ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම දැකීම සිවිල් සමාජයේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව මුඳුන්පත් නොවන විට හඬ නැඟීම සිවිල් සමාජයේ වගකීමක් වී තිබේ. සිවිල් සමාජයට පුරවැසියන් සමඟ තිබෙන බැඳීම ඊට හේතුවයි.
දූෂණ වංචා සහ අපරාද සම්බන්ධ පරීක්ෂණ නිමකොට වැරදිකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති ඉතා අවලස්සනය. ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය මෝරා වැඩෙන තත්වයක් විද්‍යාමානය. සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතුණද අළුයට ගිනි වැනි බල අරගලයක් මෝදුවෙමින් තිබේ. මේ පසුබිම තුළ සිවිල් සමාජය ආණ්ඩුවට අභියෝග කිරීමට පෙළඹී සිටින්නේ වත්මන් පාලකයන් රට අභිමුව තැබූ ප්‍රතිඥා සිහි කැඳවීමටය.
රාජ්‍ය පාලනයට බලය හිමිකර ගත් පසුව පුරවැසියන් මුළා කරමින් ආණ්ඩුවක් පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කිරීම වරදකි. ඊට පුරවැසියන් තවදුරටත් ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් සිවිල් සමාජයේ අරගලය අකම්පිතව දියත් කළ යුතුව තිබේ. ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තිබෙන එකම මාවත එය වන්නේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.