Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය

About this book

ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යා උපාධිය ලැබූ අතර,
ගණකාධිකරණය පිළිබඳ ශාස්ත්‍රපති
උපාධිය ඔස්ට්‍රේලියාවේ RMIT විශ්ව විද්‍යාලයෙන්
ලබා ගන්නා ලදී. ඔස්ට්‍රේලියාවේ නිව් කාසල්
විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ
ආචාර්ය උපාධිය සඳහා "A study of the possible impact of
structural and operational issues on the performance of
Public Enterprises in Sri Lanka'' යන මාතෘකාව ඔස්සේ සිය
පර්යේෂණ නිබන්ධය ඉදිරිපත් කළේය.

  ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ජ්‍යෙෂ්ඨ
සාමාජිකයකු වන ඒ මහතා ඔස්ට්‍රේලියාවේ සහතිකලත්
ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු ද වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සහති කලත් වංචා පරීක්ෂකවරුන්ගේ
ආයතනයේ සාමාජිකත්වය ද, ශ්‍රී ලංකා කළමනාකරණ
ගණකාධිකාරි ආයතනයේ අධි සාමාජිකත්වය ද කාරියවසම්
මහතා ලබා ඇත.

   ලංකා බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, සුරැකුම්පත් සහ
විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ජනතා වතු සංවර්ධන
මණ්ඩලය යන රාජ්‍ය ව්‍යවසායයන්හි සභාපතිවරයා ලෙස කටයුතු
කර ඇති කාරියවසම් මහතා ලංකා හොස්පිට්ල් සමාගමේ
උප සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. ආචාර්ය කාරියවසම්
මහතා දැනට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා
ලෙස කටයුතු කරයි. 

ISBN
9786249907201
පිටු ගණන (Pages)
169
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.