Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ශ්‍රී සුභූති චරිතය

ශ්‍රී සුභූති චරිතය

About this book

පවරනෙරුත්තිකාචරිය මහාවිභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1835-1917), 19 වන සියවස අග භාගයත්, 20 වන සියවස මුල් භාගයත් අතර ලංකාවේ වැඩසිටි ලෝක පූජිත සංඝ පීතෲන් වහන්සේ නමක් වෙති. යටත් විජිත යුගයේ ජාතික පුනරුදය සඳහා දායක වූ යතිවරුන් අතර සුභූති මාහිමියන් වෙත සුවිශේෂ අවධානයක් යොමුවිය යුතු ය. උන්වහන්සේගේ ග්‍රන්ථකරණයන් පාලි භාෂා අධ්‍යාපනය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය වීමට හේතු වූහ. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ බෞද්ධ පුරාවස්තු කැණීම්කළ පුරා විද්‍යාඥයන් සඳහා සුභූති මාහිමියන් දැක්වූ ධර්ම ශාස්ත්‍රීය උපදේශකත්වය ද මෙම ග්‍රන්ථයේ ප්‍රාමාණාත්මකව දක්වා ඇත. ලන්ඩන් නුවර පාලි පොත් සමාගම (The Pāli Text Society), ඇමරිකාවේ හාවඩ් පෙරදිග ග්‍රන්ථ මාලාව (The Harvard Oriental Series), ඉන්දියානු බෞද්ධ පොත් සමාගම, ඇමරිකානු ප්‍රාචීනවේදීන්ගේ සමිතිය (The American Oriental Society), මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයේ රාජකීය ආසියාතික සමිතිය (The Royal Asiatic Society of Great Britain and Ireland) ආදී ජාත්‍යන්තර ශාස්ත්‍රීය සංවිධානයන් රුසක උගතුන් සඳහා උන්වහන්සේ ලබාදුන් ධර්ම ශාස්ත්‍රීය අනුග්‍රහයන් ද සම්පාදකවරයා විසින් මැනවින් පෙන්වා දී ඇත. එසේම රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නාහිමියන්ට පෙර, අප වස්කඩුව සංඝ පරපුර ශෝභාමත් කරමින් වැඩසිටි සංඝ පීතෲන් වහන්සේලාගේ ලෝකශාසන සේවාවන් දක්වා තිබීම මෙම ග්‍රන්ථයේ අගය වඩාත් වැඩිවීමට හේතු වී ඇත. අප උපදෙස් අනුව ශ්‍රී සුභූති මාහිමියන්ගේ ජීවන චරිතය පිළිබඳ පර්යේෂණයක නියුක්ත වූ සම්පාදකවරයා කාලයේ වැලිතලාවෙන් යටපත්ව තිබූ කරුණු රාශියක් අනාවරණය කර මූලාශ්‍රය සහිතව නැවත ජනගත කිරීමට සමත්ව ඇති බව ග්‍රන්ථය පරිශීලනය කරන්නන්ට මනාව වැටහෙනු ඇත.

මෙම ග්‍රන්ථයේ සම්පාදක ඩබ්ලිව්. ඒ. පද්මින් සමීර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගැනීමෙන් අනතුරුව එම විශ්ව විද්‍යාලයෙන්ම පර්යේෂණ සංරචකය සහිත ශාස්ත්‍රපති උපාධිය හදාරා සියලු විෂයයන් විශිෂ්ට සාමර්ථ්‍යයන් සහිතව සමත් වී ඇත. පාලි ත්‍රිපිටකයාගත බුදු සමය මෙන්ම සංස්කෘත මහායාන බුදුසමය අධ්‍යයනය කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන එතුමා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාරිය උපාධිය සඳහා පරීක්ෂණයේ නියුක්ත වේ. හොඳ අනාගතයක් ඇති තරුණ පද්මින් සමීර මහතාගේ ඉදිරිගමන වඩාත් සාර්ථක වීමට මෙම ග්‍රන්ථ පර්යේෂණය හේතුවේවායි ආශිංසනය කරමි,

Details
ISBN
9786249202702
පිටු ගණන (Pages)
626
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී සුභූති චරිතය

Reviews are published once a member of our team has read them.