Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සූක්ෂ්මව වනසන සිංහලය

සූක්ෂ්මව වනසන සිංහලය

About this book

ඉංග්‍රීසි ආක්‍රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්වීපය හෙවත් ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙතෙක් ඉදිරිපත් නොවු නවතම මුලාශ්‍ර ආශ්‍රයෙන් (පැරණි) මෙම ග්‍රන්ථය තුළින් නිරාවරණය කෙරේ. පාසැල් හා විශ්වවිද්‍යාල සිසුන්ට, ඉතිහාසඥයන්ට, පුරා විද්‍යාඥයින්ට, වාග් විද්‍යාඥයින් මෙන්ම මානව විද්‍යාඥයින් හට නව මානයක් ඔස්සේ තම ගවේෂණ/ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය මහඟු උපකාරයක් වනු නොඅනුමානය.

මෙරටේ ක්‍රියාත්මක බෙදුම්වාදයට, ආගමික අන්තවාදයට, වංචාකාරී දේශපාලනයට හේතු කාරක වී ඇති, ඉංග්‍රීසින් විසින් සිදුකරන ලද නිතී විරෝධි ආර්ථික, සාමාජීය හා රාජ්‍ය පාලන ක්‍රමවේදය වෙනස් කිරීම හා සමගාමීව ඉන්දියාවෙන් ගෙනෙන ලද මලබාරි නමින් හඳුන්වනු ලැබු ජනයාගෙන් තමිල්, මුස්ලිම් ලෙස වර්ගීකරණය කොට මෙම දේශය තුළ පරදේශික්කාර ජනාවාසකරණය ආරම්බ කළ දින පටන්, ඔවුන් හට වෙනම තමිල් රාජ්‍යයක් වෙනම මුස්ලිම් පාලන කළාපයක් අවශ්‍ය යයි පවසනා තැනට ගොඩ නැගෙන ආකාරය පිළිබඳ කෙරෙන විග්‍රහය තුළ මෙරටේ ක්‍රියාත්මක අන්තවාදය පරාද කිරීමට අවශ්‍ය මුලාශ්‍ර සපයා ඇත.

ක්‍රි.ව. 1505 වසරේදී පෘතුගීසි ආක්‍රමණයේ සිට එදා මෙදා තුර මෙම හෙළ දේශය කණපිට පෙරළිමේ ක්‍රියාදාමය, බෙදුම්වාදය, අන්තවාදය හා මෙම රාජ්‍යය බිඳ වැට්ටවීම සඳහා වු සියළු ව්‍යාකුලතා පිටුපස ක්‍රියාත්මක ලෝක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයේ යථා ස්වරූපයද එළි දක්වන මෙම ග්‍රන්ථය සියලු දෙනාම කියවා දත යුතු ලෙස නිර්දේශ කරමු.

Details
ISBN
9789553122124
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සූක්ෂ්මව වනසන සිංහලය

Reviews are published once a member of our team has read them.