සුළඟ නුඹ
"ඇයි පොඩ්ඩෝ...”
මං හෙමීට නැගිටලා ඇඳෙන් ඉඳගෙන ඇහුවේ. මල්ලි අඬ අඬාම මගෙ උකුළට ඔළුව තියාගත්තා. "ඇයි අක්කෙ ඔක්කොම ඔයාට බණින්නේ.. මට කේන්තියි උන් ඔක්කොමත් එක්ක...” නොතේරෙන කමට, මල්ලි ඉන්නේ මගේ පැත්තේ. මට ලොකු හුස්මක් අතැරුණා.
"අක්ක වැරද්දක් කරානෙ පොඩ්ඩෝ...."
" මොකද්ද වැරැද්ද..?”
මල්ලි ඔළුව උස්සලා ඇහුවේ ඇසුත් ලොකු කරන්. මගේ ඇස්වලට කඳුළු පිරුණා.
"ආදරේ කරා මං. ඒක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද.” මං කිව්වේ ඇස් පියාගෙන.
පියවුණු ඇස් අතරිනුත් කඳුළු බිංදු ඔහේ පහළට කඩන් වැටුණා. "ආදරේ කරනෙක වැරැද්දක්ද අක්කේ...”
"හ්ම්ම්....” මං කිව්වේ ඔව් කියන්න ඔළුවත් වනලා.
"එතකොට මාත් ආදරෙයිනේ...'
මල්ලි කිව්වේ ඇසුත් ලොකු කරන්. හිනා එන්නත් ආවා මට. ''කාටද...?"
"අම්මට, අප්පච්චිට,අක්කට, අයියලාට, ලොකු අම්මට, ලොකු අප්පච්චිට...” මං හිනාවෙලා මල්ලිගේ කම්මුලක් කෙනිත්තුවා.
"තමන්ගෙ අයට ආදරේ කරනෙක වැරැද්දක් නෙමෙයි...”
"එතකොට අක්ක ආදරේ කරේ පිට කෙනෙක්ටද...?”
"හ්ම්ම්..."
"ඇයි එහෙම කරේ ඉතින්... ඒකනෙ ඔක්කොම තරහ...” මල්ලි කියන්නේ මූණ අකුලන්.
"වැරදුණා පොඩ්ඩො.. අක්කට වැරදුණා... ආය කවදාවත් යාළු වෙන්නෑ එයාලා...”
" අපි යාළු කරගමු.. මං ඉන්නවනේ..."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.