ස්වප්නවාසවදත්ත නාටකය
වැඩි ම සංස්කෘත නාට්යකෘති සංඛ්යාවක් රචනා කළ මහාකවි කාලිදාසාදීන් ගේ ද ඉමහත් පැසසුමට බඳුන් වූ මහාකවි භාස ගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන ස්වප්නවාසවදත්ත නාටකයේ පෙළ හෝ ප්රාමාණික සිංහල පරිවර්තනයක් හෝ මෙහි සොයාගත නොහැකි වීම මහත් අඩුවක් සේ දුටු මරදාන සමයවර්ධන ප්රකාශන ආයතනය, හැකි නම් එම අඩුව සපුරා දෙන ලෙස අප ගෙන් ඉල්ලා සිටියේය. ඊට ගරු කිරීමක් වශයෙන් සිව් මසක් තුළ එම කාර්යය ඉටුකොට පාඨකයන් අතට පත් කරන්නට හැකි වීම ගැන අපි සතුටු වෙමු.
රස නිෂ්පත්තිය අතින් ශාකුන්තලය හා සම කළ හැකි මෙම මාහැඟි සකු රූපකය අද විශ්වවිද්යාලය, ප්රාචීන භාෂෝපකාර සමාගම හා නාට්ය පාසල්වලත් සංස්කෘත නාට්ය හා සිංහල විෂයමාලාවල නිර්දිෂ්ට ග්රන්ථයක් වන හෙයින් මෙම පරිවර්තනය එවන් විද්යාර්ථීන් ගේ වුවමනාවම් සැලකිල්ලට ගෙන සකස් කරනු ලැබ ඇති නමුදු, නාට්ය නිෂ්පාදනයක් සඳහා වුව ද එය වෙනසක් නො කොට යොදාගත හැකි යැයි විශ්වාස කරමි. එහෙයින් මෙම පිටපත නාට්ය නිෂ්පාදනයක් සඳහා යොදාගනු රිසි නාට්යවේදියෙකුට ප්රකාශකයන් ගේ අවසරය ඇති ව එසේ කළ හැකි බව පවසනු කැමැත්තෙමි. සංස්කෘත නාට්යයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන නාට්යවේදීන් මෙහි පූර්විකාවෙහි සහ හැඳින්වීමෙහි අප දක්වා ඇති කරුණු කෙරෙහි සැලකිලිමත් වීම ඔවුනට ප්රයෝජනවත් වනු ඇතැයි යනු අප ගේ විශ්වාසය යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.