Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වයංවර

ස්වයංවර

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගෑනු කැමති දිය වෙන්න.. ඒ ආදරෙත් එක්ක.
ගෑනුන්ට ඕන ගුලි වෙන්න. ඒ විශ්වාසය රැකවරණය උතුරන රැඳුණ තැන.
බැඳීම් මත්තෙ හයියෙන් හුස්ම අල්ලන ගැහැනියෙක්ගෙ හිත,
හොල්ලලා බලන්න නම් එපා කවමදාවත්ම.
ඒ පණ ගැහෙන හිත කඩා වැටිලා වීදුරු වගේ බිඳිලා ගියොත්,
එකතු කරන්න හිතන සිතිවිල්ලත් හීනයක්.

පිරිමි, පුරහඳ සාරෙට පායපු ආකහ පෙන්නලා අමාවක පිරිච්ච ජීවිතයක් දුන්නමත්
ඉවසන ගෑනු ඉන්නවා ඕන හැටියට.
ඉවසලාම දවසක අන්තිමේදී මහ අන්ධකාරෙට හුරු වෙන්නෙ නොකියාම.
එහෙම ගෑනු ආයෙ හැරෙන්නෙ නෑ. මග නවතිනවා.
පුළුපුළුවන් විදිහට කණවැල් අල්ලන් හුස්ම අල්ලන්න හයිය හත්තිය ගන්නවා.

ඒත් ආදරණීය නිසර්ග,
ඔයා පුරහඳ තියා මට තාරකා එළියක් වත් නොවුණ වග දැනෙද්දි මං හුඟාක් දුර ගිහින් ඉවරයි.
ඒත් මේ කඳුළු තොටුපලටත් දැන් පුරහඳ පායන හැටි යාන්තමට පේනවා.
කටු ඇනිච්ච සීරීච්ච හිතත් එක්ක තවත් ඇවිදින් යන්න වාරුත් නෑ මට.
ආපහු හැරෙන්න බැරි මං නැවතුණාට කමක් නෑ නේද මේ තැවුම් ගැහුණ හිතත් එක්ක.

දක්නවද ඔයා..
කරවටක් දුක් වතුරෙ ගිලිච්ච මේ ගෑනු හිත
ප්‍රා සඳ දිය ඇබිත්තකින් පාට ටිකක් ණයට ගත්තෙ ජීවත් වෙන්න.
හුස්මක් ඇහිඳින්න. දෙතොල් අගිස්සක් හොලවලා හිනාවෙන්න.
ඒ සඳට පුළුවන් නම් සංසාරෙම මග කොහෙද එළිය කරන්න,
කියන්න මං ඇස් දිය කළා මේ හොඳටම ඇතිනෙ දැන්.
ඔයා කපලා කොටලා දාපු ජීවිතේ මතක හංගන් හිනාවෙන්න
දැන්වත් හිංගිත්තක් ඉතිං අවසරද මට....
"ඒත් මං තාමත් වද වෙන්නෙ,
පේවෙලා මං දාපු රවුම් මුද්ද ඔය පිරිමි දකුණෙ මුදුගිල්ලට
ඔය හැටිම හිර වුණේ කොහොමද කියලා.."

දිසඳි වත්සරා මාළුම්මුය

ISBN
9789554347328
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වයංවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.