සිසිරයේ කාර්තු
අත් හැරියේ මාය. දමා ආයේත් මේ මාය. උඳු කුඩක වරදක් මෙතුවකට නොකළ උණුහුම් කෝපි කෝප්ප සිය දහසක උණුහුම පුරවා ගත් බැඳීමක් ඒත්, වෙසක් සැරසිල්ලක් සේ හිත් කූඩුවේ එල්ලී ඒ මේ අත පැද්දේ. මේ දැනුත් පැද්දේ.
ආලෝකය නිවී ගිය සැරසිල්ලේ දීප්තිය, මයෙ ඉපදෙන මියෙන හැම සිතිවිල්ලක් අස්සේම තරු කැට පරදා පිරිමි කාන්දම් දෑසක් ඕනවටත් වඩා දිලිසේ.
බැඳීම් එහෙමය. ප්‍රේමය ඉස්සර කරගත් ජීවිතයේ හැටිත් එහෙමය.
'පුළුවන් නම් සමාවෙන්න.'
මා කීයේ අඳුර පොරවා ගත් නකල්ස් කන්දට දෑස් තියාය. කන්ද උන්නේ හැමදාමත් වගේ මා දරා බුම්මා ගෙනය.
ඔබ නොදන්නවාට, නොකීවාට මේ මහා කන්දත් මගේ ප්‍රේමය ළඟ අගුටුමිටිය. එතරම් උසට ප්‍රේමයක් හර්දයේ නිධානයක් සේ සැඟව තවමත් වේ.
ඒත්, මේ මා ගෙවා දමන්නේ සිසිරයත් සලිත කරවනා සිසිරයේ සීතලම කාර්තුවය. යදින්නට ඉතිරි දැන් ප්‍රේමය නොව සැනසීමය. නිවීමය. නිව් නිවී සැනසීම විතරමය.
උමා...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.