අවසන් සෙංකඩගල රාජ්ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත්ය වූ මූලාශ්ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි.
ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්රේමණීය කාව්යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම මා උන්නේ ඒ අතීතයේය. එදවසය. මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වුයේ මගෙ මනාපයටය. ඉඳින් ඒ උත්තම මාහැඟි යුතුකම මා ඉටු කළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.
" ශිඛර" නොසැලෙන හිත් තිබූ තම රට දැය ආගම වෙනුවෙන් ඇස් ඉස් මස් එක්ක ප්රාණය දන් දුන් හැමටත් අදටත් හදවතින් රට දැය සමයට ප්රේම කරන්නන්ටත් පුද දෙන්නේ නමස්කාර පූර්වකව බැතියෙනි. එතිං මේ ඉතිහාස කතන්දරය පුරා ඔබ ඇවිදින්න. මනාප තැනක නැවතී විඳ අපට වැරද්දුව සේම පැරදී ගිය තැන් පිරික්සා අතීතයේ වූ වැරදි ආයේ මේ කපේදී නොවෙන්නට නොකරන්නට ඔබේ හිත් මලුව " ශිඛරක් සේම ශක්තිමත්ව හිඳුවා ගන්න. සිතට ධාරණය කරගන්න. මගේ ශිඛර, ඔබටය. සාරෙට උපන් ආලයෙන් සදාදරණීය ඔබ වෙනුවෙන්මය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.