ස්නේහයේ පණකුරු
ගෑනු ආසයි උණුහුම් වෙන්න. වෙලාවකට අයිස් කන්දක් වගේ හීතල වෙන්න. එහෙම ගෑනු හිතක දිග පළල කියවලා දිය කරන්න පුළුවන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ රස්නෙ තියෙන තෙත පිරිමි හිතකට විතරයි. පරිස්සම් කරන්න, හෙවණ දෙන්න, පුංචි හිතුවක්කාරකම් ළඟ පිරිමි එකම එක ඇහි බැල්මකින් පුච්චද්දි පිච්චෙන්නත් නොකීවාට ගෑනු හරි ලෝබයි.
ඇල් මැරිච්ච බැඳීමක් පපුවෙ අලවන් හති වැටිච්ච මං මන්දිරගෙ අළුපාට ඇස් ඇතුළෙන් හෙව්වෙ මට අතැරුණ ලෝකය වෙන්න ඇති. තව මැරිලා තිබ්බ මගෙ හිතට පැන් අහුරක් වෙන්න ඇති. මේ වෙව්ලන දෙතොල් අග්ගිස්සට හිනා ඇබිත්තක් එක්ක හීනෙ පින්තාරු කරගන්න දේදුනු පාට වෙන්නත් ඇති.
ඔය මෙකී නොකී හැමදේමත් එක්ක මට කවදාවත් හරිහැටි නොලැබුණ ආදරේ වෙන්නත් ඇති.
මයෙ සුන්දරා, ඔය අළු පාට ඇස් ඇතුළෙ මගෙ මනාපෙට ගුළි වෙලා මට ඕන ඔය හිත කියවන්න, ආදරෙන් පහුරුගාන්න, මට මගෑරුණ ජීවිතේ ඇහිඳින්න විතරමයි දැන්.
මගේ නිවන තියෙන්නෙම ඔය හිතේ හරි මැද.."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.