තම්මැන්නා රැජිණ
"ඇය සතු සියළු දේ කොල්ල කාගත් කොල්ලකාරයා."
සුධීර කුමරු කෝපයෙන් කෑගැසුවේය. ඒ හඬ අසන්නට සිටියේ හුදෙකලා වනාන්තරයත්, ගල් ගුහාවත් දෑස් පියා වැතිර සිටින වෙලුඹිත් පමණි. සියළු සැප සම්පත් මැද හැදී විජය කුමරු නෙත ගැටුණ දා සිට ඇය විනාශය කරා ගමන් කළ බව සුධීර කුමරුට පැහැදිලිව පෙනුණි. ඇගේ රජ කිරුළ උදුරා අයිති කරගෙන දරුවන් දෙදෙනෙකු සමඟ මාලිගයෙන් පිටවීමට මඟ සලසා මධුරාපුර කුමරියක සරණ ගැනීමට පෙරුම්පන් කරන විජය කුමරුට කුවේණියගේ ශාපය හිමිවීම සාධාරණ බව සුධීර තීරණය කළේය.
"ගැහැණියකගේ ශ්‍රාමික සිත රවටා ගත් නුඹලා රාජ ධර්මයට පටහැනි ලෙස ක්‍රියා කර රාවණ පරපුරෙන් පැවත එන යක්ෂ ගෝත්‍රය විනාශ කර අවසානයි. නුඹලාව මළවුන්ගේ ශාපය ලැබේවා."
කිසිවකුට ඉඩක් නොතබා සංජීව සෙනෙවි තම අසිපත මඟුල් රාජගුරුගේ සිරුර හරහා යැවුවේ ක්ෂණිකවමය. කුවේණියගේ කෑගැසීම, විජය කුමරුගේ වැලැක්වීම, පිරිසගේ විලාපය, සියල්ල සිදු වූයේ ඉන් පසුවය.
මඳ අඳුරේ ගල් ලෙහ ඉදිරිපිට පුළු හාණ්ඩ තැබූ කුවේණිය පසෙක වාඩිවී ස්තෝත්‍ර කීමට පටන් ගත්තාය. ඇය තමා ළඟ තිබූ නිදන් දොර යතුර ඒ අසලම තැබුවාය. දෑස විවර කර බලන විට ඇය දුටුවේ පෙනය විදාගත් විශාල නාගයෙක් දොර ඉදිරිපිට දරණ ගසා සිටින ආකාරයයි. ඇය මේ කිසිවකින් නොසැලී තමන්ගේ ස්තෝත්‍ර ගායනයේ දිගටම යෙදුණාය. සතුන් කිසිවෙක් තමන්ට හිරිහැරයක් නොකරන බව ඇයට විශ්වාසය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.