Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බීර සුවඳැති හාදු

බීර සුවඳැති හාදු

ප්‍රකාශක (Publisher): KSP Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැ‌ඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බැහියකි.ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත. අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.
Details
ISBN
9789554635494
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 2
  1. Great book!
    This is such a great book that helps imagine beautiful views.
    Sandy ·
  2. Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] : Dilshi Thathsarani Abeyraja - Freedom of love and it's resistance to life / බීර සුවඳැති හාදු ( Beer Scented Kisses ) - දිල්ෂි තත්සරණි අබේරාජ : ආදරයේ නිදහස සහ එහි ප්‍රතිරෝදය
    Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] novel have 224 pages and costs around Rs. 750.

    This novel is most suitable for adults.

    The story of the novel revolves around "Alisha's love life", a girl who is living in a fictionalized mountain valley in Sri Lanka. The novel is far ahead in terms of cultural values and touches deep concepts like freedom of love and it's resistance to life. The novel contains undertones of the concept of time and minimalism of life as well.

    The passages filled with the elaboration of the beauty of the fictional valley is very commendable.

    The writer used her Facebook page "Dilshi Thathsarani Musings" as a marketing tool of the novel with uploaded videos containing readings of paragraphs from the novel which is an innovative marketing strategy to her daring, countercultural and controversial novel.

    Though the writer attempts to avoid the childlike nature of the romance in the book the main weakness also is its story becoming childish as a plot.

    But by creating a mythical valley of love and interesting characters, Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] can be considered as a modern and a daring novel reflecting countercultural themes.

    බීර සුවඳැති හාදු නවකතාව පිටු 224 ක් පුරා ඇදී යන මිල රු. 750 ක් වන පොතකි.

    මෙම නවකථාව වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි.

    ශ්‍රී ලංකාවේ මනඃකල්පිත කඳුකර නිම්නයක "ඇලිෂා" නම් යුවතියගේ ආදර ජීවිතය වටා ගොඩනැගෙන මෙම නවකතාව සංස්කෘතික පරිසරය අතින් ඉතාමත් ඉදිරිගාමී ස්වභාවයක් ගන්නා අතර ආදරයේ නිදහස හා එහි ප්‍රතිරෝදය වැනි ගැඹුරු සංකල්ප ස්පර්ශ කරන අතර යටිපෙලින් කාලය හා ජීවිතයේ ශුන්‍යතාවාදී ස්වභාවයද ඉස්මතු කරන සුන්දර පරිසර වර්ණනයන්ගෙන් පිරි ඇති නවකතාවක් ලෙස හැඳින්විය හැක.

    Dilshi Thathsarani Musings නම් මෙම පොතේ ලේඛිකාවගේ සමාජ මාධ්‍ය වෙබ් පිටුව හරහා මෙම ප්‍රතිසංස්කෘතික නවකථාවට අලෙවිකරණය උදෙසා නිර්මාණාත්මකව සිදුකෙරෙන ලද වීඩියෝ දක්නට ලැබීම සාහිත්‍යමය වශයෙන් නව්‍යතවයකි.

    බොළඳ ආදරය අබිභවා යමින් ප්‍රතිසංස්කෘතික ජීවිතයක නිදහස හා එහි ප්‍රතිරෝදය මතුකරන මෙම නවකතාවේ දුර්වලතාවය වන්නේ ද නවකතාව මගහැරීමට දැරූ බොළඳ බව ඉස්මතු වීමයි.

    එනමුදු ආදරය පිලිබඳ මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කරන "බීර සුවඳැති හාදු" නව්‍ය ශ්‍රී ලංකාවේ නවකතා කලාව තුළ ප්‍රතිසංස්කෘතික සාහිත්‍යයේ පිළිබිඹුවක් ලෙස දැකිය හැක.
    Dimantha ·
Write a review

You're reviewing: බීර සුවඳැති හාදු

Reviews are published once a member of our team has read them.