Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චක්‍රවර්ති

චක්‍රවර්ති ස්වර්ණ පුස්තක සම්මාන 2022

About this book
චක්‍රවර්ති ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය. රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හීං හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යින්තමින් සඳදිය උතුරන ළා සඳමඬල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය. යාන්තමින් දෑස පියවීගෙන එද්දි සැවැන්දරා සුවඳක් සමඟ කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැඟවූ කිනිස්ස වෙතය. “ඇතුළෙ කළුවරයි අයියණ්ඩි. මට බය හිතුණා..” ඒ හඬ සිහින් කෙඳිරයක් මෙන් විය. කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඬල වැසී ගියේය.
ISBN
9786242040233
පිටු ගණන (Pages)
476
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Best
    One of the best novels i have ever read based on historical events...Thank You very much Mr.Chulabhaya for presenting an unmachable book...Highly recommend
    Piumi ·
Write a review
Write a review

You're reviewing: චක්‍රවර්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.