චක්‍රවර්ති

Rating:
100 % of 100
Special Price රු. 1,120.00 Regular Price රු. 1,400.00
In stock
SKU
chakrawarthi-choolabhaya-shantha-kumara-fast-surasa
චක්‍රවර්ති ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය. රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හීං හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යින්තමින් සඳදිය උතුරන ළා සඳමඬල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය. යාන්තමින් දෑස පියවීගෙන එද්දි සැවැන්දරා සුවඳක් සමඟ කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැඟවූ කිනිස්ස වෙතය. “ඇතුළෙ කළුවරයි අයියණ්ඩි. මට බය හිතුණා..” ඒ හඬ සිහින් කෙඳිරයක් මෙන් විය. කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඬල වැසී ගියේය.
Author චූලාභය ශාන්ත කුමාර හේරත් - Chulabhaya Shantha Kumara Herath (5)
Publisher සුරස - Surasa (fast publishing) (611)
More Information
ISBN 9786242040233
පිටු ගණන 476
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:චක්‍රවර්ති
Back to Top