සූරිය කුසුම
About this book
'සත්‍යාංගනා' සහ 'සැඳෑ සක්මන' මාලා ටෙලි නාට්‍යයන්හි සහ 'විසිපස්වෙනි තට්ටුව' කෙටිකතා සංග්‍රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාද්‍යෙව්දියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකිය.
2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී "මේක පොඩ්ඩක් කියවලා බලන්නැ" යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය
එවක ඔහු චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයකු ලෙස සේවය කළේය. "මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා" ඔහු නැවත කීවේය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි.
'සූරිය කුසුම' නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක වො කාලය නිමවා යළි ලංකාවට පැමිණී පසුවය. සූරිය කුසුම මා අත පත් වූ පසු එය ද එක හුසමට කියැවීමි. අප ඇද බැඳ තබාගන්නට සූරිය කුසුම සමත් ය. අප සිතූ රසයෙන් හා කුතුහලයෙන් පුරවන්නට සූරිය කුසුම සමත්යය. කෙටිකතාකරුවෙක් ලෙස නමක් දිනූ චූලා, නවකතාකරණයට පිවිසෙන්නේ, ඒ ක්‍ෂේක්‍රෙය් ද ප්‍රතිභාව හා කුසලතාව පළකරන පෙර මං සළකුණු 'සූරිය කුසුම' ඔස්සේ චිත්‍රණය කරමිනි.
ඉතින්, චූලාගේ මුල්ම නවකතාව - සූරිය කුසුම - කියවන්න. එය කියවන්න කියවන්න ආශා හිතෙන නවකතාවකි. -සමන් අතාවුදහෙට්ටි
Details
ISBN
9789556773620
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review