ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නිතිඥවරයා....ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වු,
රාත්තල් 256 බර
බිලී හැලෙක් !
තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැණියක් ඔහුගේ රථයේ හැපී මිය යයි.කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.ඒ මහලු අහිකුණ්ඨක ගැහැනියගේ පියා, යුරෝපයේ සිටි වයස්ගතම අහිකුණ්ඨකයා සියවසකටත් වඩා වයස්ගත වු අහිකුණ්ඨක රැලේ නායකයා
ටඩුස් ලෙමිකේ
ඔහුව ස්පර්ෂ කොට
"ඇට ගැහියං !"යැයි සාප කරයි.
එදින පටන් බිලීගේ බර රාත්තල්...
256..
251..
247..
235..
220 ..
205..
190..
178..
156..
147..
132..
125..
116..
අඩු වෙමින් යයි.එතනින් කොතනටද..?
ඇටසැකිල්ලක්ව මරණයට පත්වීම ද බිලීගේ ඉරණම.... ?
ඔහු නිදහස් කරලීමට උදව් දුන් අයගේ ඉරණම.. ?
"ඇට ගැහියං !"