Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇට මැස්සා

ඇට මැස්සා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
' ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, වේගී වූ ද, විවාදජන වෘතාන්තයකි . සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකරෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත්ය. ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව - වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය'යි ඇමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි. නිදහස් මතදාරී චින්තකයෙකු වන බට්රන්ඩ් රසල් තමා ප්‍රලය කළ ඉංගිරිසි නවකතාවන්ගෙන් එකක් හැටියට දුටු ඇට මැස්සා, නිදහස් ව්‍යාපාරයේ නියැලි ලක්ෂ සංඛ්‍යාවකගේ ප්‍රසාදය දිනා ගත්තකි. වර්ෂ 1864 දී උපත ලද අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල්. වොයිනික් - කලින් එතල් ලිලියන් බූල් - අතින් ඇට මැස්සා ලියවුණේ 1895 දීය. එහෙත් දොරට වැඩියේ 1897 දීය. මුලදී ඇමෙරිකාවේද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංලන්තයේද,අනතුරුව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේද පළවූ මෙම කෘතිය දැනටම භාෂා 30 කට පරිවර්තනය කොට ඇත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘෂ්‍ය කාව්‍යයට නැඟූ ඇට මැස්සා පසුව බ්‍රෝඩ්වේ වේදිකාවට ද ගියේය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටියක්ද වෙයි. දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විකිණි ඇත‍
Details
ISBN
9552002257
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇට මැස්සා

Reviews are published once a member of our team has read them.