තනිවූ දියණිය
යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී.
සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන්‍යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දියණියන්ගෙන් මෙන්ම නෑදෑ හිතමිතුරන්ගෙන් හා ලෝකයාගෙන් සඟවා තබාගන්නා ඇයගේ සියලුම ව්‍යායාමයන්, විසිහත් වසරකට පසු සුනුවිසුනු වී යයි. ඒ, නොකළ වරදකට මරණ දඬුවම නියමව ඇති පුද්ගලයකුගේ ජීවිතය එසේ නිමවීමට ඇයගේ හෘදසාක්ෂිය ඉඩ නොදුන් හෙයිනි. එනමුත් ඇයගේ සුනුවිසුනු වූ ජීවිතය ඇය නැවතත් ගොඩනඟා ගනී. ඒ කෙසේද?
මේ, පෙකණි වැල කැපූ සැණින්, සෝදා පිරිසිදු කිරීමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නාගත් බිලිඳියක සමඟ ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සීසී ගේ කතාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.