Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තර තුන්කට්ටුව
About this book

දොස්තර කැස්පාර් රැගත් රිය, නිවසක සාලයට වඩා ආලෝකවත් පුළුල් පදික මාවත දිගේ ඇදී යන විට වීදි පහන් දම්වැලක් රිය පසුකර පිටුපසට ඇදී ගියේ ය. පහන් එළි වීදුරු ගෝල තුළ පිරැවූ උණු කිරි සේ දිස් විය. කුඩා කෘමි වලාවෝ ගුමු හඬ නඟමින් පියාපත් ගසා විත් වීදුරු ගෝල වටා මැරී වැටුණහ. රථය වේලි දිගේ පෙරැළෙමින් මෙන් ඇදී යන්නේ උස් ගල් තාප්ප පසු කරගෙන ය. මේ තාප්ප මත දිගු ජීහ්වයන් පිටතට දමාගෙන, දෑතින් පලිහ දරා සිටින ලෝකඩ සිංහයන් සවි කර ඇත. පාමුල ඇති දිය ගලන්නේ තද කම්මැළිකමිනි. කළු දිලිසෙන තාර මෙන් ය. නගරය උඩු යටිකුරු වී දිය මත පතිත වී තිබේ. නගරය පාවී වෙනතක යාමට යත්න දරත ද එය නිෂ්ඵල ය. ඒ වෙනුවට ප්‍රතිබිම්බය දියැවී මුදු රන් බිඳිති සේ දිය මත පාවේ. ආරුක්කු සේ වකුටු පාලම් මතින් රථය පැදවේ.

ISBN
9786246586065
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තර තුන්කට්ටුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.