Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / Education - අධ්‍යාපනික / තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

ප්‍රකාශක (Publisher): S & T Group
About this book
ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ජූඩ් විජයංග විජේසේකර තම මාවතට මුල් පියවර තබනුයේ කඳානේ ද මැසනොද් විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයට එක්වීමෙනි.එහි සභාපතිධුරය හොබවමින් ඔහු තම පාසලඅන්තර් විද්‍යායලයිය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලි වලින් ජයග්‍රහණය කරා යොමු කරයි.2011 වසරේ දී පෝලන්තයේ පැවති අන්තර් ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට ඔහු සහභාගි වන්නේ විශ්ව විද්‍යාල මට්ටම්න් පැවැත්වූ තරඟාවලි කිහිපයකින්ද ශූරතාවය ලබා ගන්නා අතරතුරය. 2015 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැසිෆික් කලාපීය අබ්‍යාවකාශ ඒජන්සිය මගින් මෙහෙයවූ 22 වන සම්මන්ත්‍රණය හා 2වන වැඩමුළුව සඳහා ලංකාව නියෝජනය කිරීමට ඔහුටද අවස්තාවක් හිමි විය.ග්‍රහක හා පෘථිවියට සමීප වස්තූන් සෙවීමේ ව්‍යාපෘතිවියට දායකත්වය සපයන ඔහු අයත් කණ්ඩායම විසින් පෘථිවියට ආසන්න වස්තුවක් වූ20150B28 හඳුනා ගැනේ.එසේම සූර්ය ගිනිදළුආශ්‍රිතව පර්යේෂණයකද මොහු නිරත වේ. අන්තර් ජානික තාරකා විද්‍යා තරඟාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකික සිසුන් පුහණු කිරීමේ යෙදෙන විජයංග ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකම ආරාධිත තාරකා විද්‍යා දේශකයෙකු ලෙසින් කටයුතු කරයි.ඔහු මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකේය සිසුන් උනන්දු කිරීමට හා ඔවුන්ව ඒ සඳහා සූදානම් කිරීමටය.ඒ සම්බන්ධව ඔහු සතු දැනුම හා අත්දැකීම් මෙම ග්‍රන්ථය මනාව පෝෂණය කොට ඇත්තේය.
Details
ISBN
9789551080242
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

Reviews are published once a member of our team has read them.