Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / The Witcher 1 - අවසන් ප්‍රාර්ථනය

The Witcher 1 - අවසන් ප්‍රාර්ථනය

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්, ආන්ද්‍රෙයි සල්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සප්විකොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම, මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි.

භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතූන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද?

එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත්, විචර්වරයෙකි, රිවියා හි ගෙරල්ට්.

වරෙක හේ, රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි! වරෙක හේ, බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි!

දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර, තමාවම වට කර ගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද?

කළු සුදු චරිත අතර කළුත් නැති, සුදුත් නැති අළු චරිතයක් ලෙසින් මානුෂිකත්වයත්, අමානුෂිකත්වයත් අතර දෝලනය වන රිවියා හි ගෙරස්ට්ගේ දෛවෝපගත චාරිකාවේ ඇරඹුමයි මේ!

ISBN
9786245579167
පිටු ගණන (Pages)
481
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Witcher 1 - අවසන් ප්‍රාර්ථනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.