තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති යනු ගොඩනැඟීමකි. විශ්වීය බලයකි. එහි සත්‍යය සෙවිය නොහැකි ය. එසේ ම ප්‍රවෘත්ති වෙළෙඳපොළකි. වෙළෙඳ භාණ්ඩයකි. ප්‍රවෘත්ති විසුරුවා හරින්නේ න්‍යාය පත්‍රයකට අනුව යි. එබැවින් ම ප්‍රවෘත්ති රාමුගත කරයි. විකෘති කරයි. අඩු වැඩි කරයි. මෙනයින් ප්‍රවෘත්ති ප්‍රමුඛ තොරතුරු විප්ලවය විශ්වය මත කරන නව අරගලය විමසිය යුතු වේ. සුගත් රත්නායක විසින් රචනා කරන ලද "තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති" කෘතිය යථෝක්ත කාර්යයෙහිලා පාදක කරගත හැකි කෘතියකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව දෙස් විදෙස් ප්‍රවෘත්ති පිළිබඳ ප්‍රායෝගික හා වෘත්තීය අවබෝධයෙන් සම්පාදිත මෙම කෘතිය වෘත්තීය ප්‍රවෘත්ති කලාවේදීන්ට මහත් ආදර්ශයකි. ශාස්ත්‍රීය ආලෝකයකි. ආර්ථික විද්‍යාව විශේෂවේදී සහ ජනසන්නිවේදනය ශාස්ත්‍රපති උපාධිය ලබා ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් වෘත්තීය ජීවිතය පෝෂණය කර ගත් සුගත් රත්නායකයන්ගේ මේ කුළුඳුල් ප්‍රයත්නයට මාගේ උණුසුම් සුබ පැතුම්.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගල
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.