උමං රාජධානිය
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන භද්‍රජි මහින්ද ජයතිලක, හොලිවුඩ් හි වුඩ්බරි විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය හා මහජන සම්බන්ධතා පිළිබඳව බී. එස්සී (B.Sc.) උපාධියක් ද, කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් රූපවාහිනී වැඩ සටහන් සහ සිනමාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා තිබේ. හෙතෙම 1973 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් හෙමට්හි වාසය කරයි. මේ වන විට සිංහල හා ඉංගිරිසි භාෂාවලින් පොත් 130කට ආසන්න ප්‍රමාණයක් ලියා පළ කොට ඇති භද්‍රජිගේ සාහිත්‍යකරණය බහුවිධ ක්‍ෂේත්‍ර කරා ව්‍යාප්ත වී තිබෙන අතරම ඒ අරභයා ඩී. ආර්. විජේවර්ධන සම්මානය, ලංකා බෞද්ධ සම්මේලන සම්මානය, ඇමරිකාවේ ස්වර්ණ කවියා සම්මානය, පහන් පෙළ සරච්චන්ද්‍ර නාට්‍ය සම්මානය මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ආදී ගෞරවයන්ගෙන් ද ඔහු පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවාව (ITN) හඳුන්වා දීමට ද පුරෝගාමී වූ හෙතෙම නවකතාකරුවෙකු, පරිවර්තකයෙකු, ගී පදරචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව දක්ෂ ගායකයෙකු දවේ. නන්විධ කලා මාධ්‍යයන්ගෙන් ස්වකීය ප්‍රතිභාව පතළ කරන භද්‍රපී මහින්ද ජයතිලකයන් ශ්‍රී ලාංකේය යොවුන් පරපුර උදෙසා රචනා කළ රසවත් නවකතාවක් කලකට පසු මෙසේ නැවතත් පාඨකයන් අතට පත් වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.