Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / උපකුලපති මතක සටහන්

උපකුලපති මතක සටහන්

කතෘ (Author): G.T.Fransis D Silva
About this book
මහාචාර්ය ජී.ටී.‌ෆ්‍රැන්සිස් ද සිල්වා විසින් ලියා ඇත්තේ 88-89 අවදි‌යේ සිදුවු හිටපු උප කුලපතිතුමාගේ ඝාතනය, වැඩ වර්ජන සහ විවිධ ගැටළු මධ්‍යයේ මොරටුව සරසවිය අඳුරෙන් ඒළියට ගෙන යෑමේ දුෂ්කර කාර්යයයේ කතාවයි.

1990 සිට 1996 දක්වා පුරා වසර හතක් සිල්වා මහතාට එම පුනර්ජීවනයට නායකත්වය දීමට හැකි වූයේ කෙසේද?ඔහු දුෂ්කර කාර්යයට මුහුණ දුන්නේ කෙසේද?

මෙම පොතේ දැක්වෙන එම අත්දැකීම් කුමන වයසේ හෝ තරාතිරමේ සිටිය හැකි ඔබට ප්‍රයෝජනවත් විය හැකිය.මෙන්න ඒ්වායින් බිඳක්. සෙවීම් කමිටුවක් මගීන් ඔහු සොයාගෙන එම තනතුරට ඉදිරිපත් වන ලෙස ප්‍රධානීන් ඔහුගෙන් ඉල්ලා ඇත.

සිසුන් මර්ධනය නොව ඔහු ඉටුකර ඇත්තේ ගැටලු තිබූ සිසුන් දමනය කිරිමයි.

ඔහු හැකී සෑම ලෙසින් ම ආචාර්ය, සේවක, අසල්වාසීන්ගේ පවා සතුට අපේක්ෂා කර ඇත. සරසවියේ නවක වදය අවම කිරිමට සිසුන්ගෙන් සහයෝගය ඔහු ලබාගෙන ඇත.

*සිල්වා මහතාගේ සේවයට පැසසුම්

මා ඔබගේ සේවය අගය කළා.සුභ වේවා.ඔබ ලබාදුන් සහයෝගයට ස්තූතියි. - ශ්‍රිමත් ආතර් සී ක්ලාක් - කුලපති මොරටුව විශ්ව විද්‍යාලය

පුරා හත් වසරක් තිස්සේ බාධක සහ ගැටුම් අතරේ ඔබ ලබා දුන් ප්‍රගතිය විශිෂ්ට අත්දැකීමකි.ඔබ ඉටු කල සේවය පිළිබද ප්‍රතිපාදන කොමිසමේ ස්තූතිය පළ කර සිටිමි.- මහාචාර්ය එස් තිලකරත්න, සභාපති වි.ප්‍ර.කො.සභාව

කැපවීම සහ ස්ථිර ක්‍රියා මාර්ග ගැනීමෙන් විශ්වවිද්‍යාලයට ස්ථාවර බව සහ සංවර්ධනය ලබාදීමට මහාචාර්ය සිල්වාට හැකිවී ඇත- විශ්ව විද්‍යාලයීය පාලක සභාව.

Details
ISBN
9789556912562
පිටු ගණන (Pages)
153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: උපකුලපති මතක සටහන්

Reviews are published once a member of our team has read them.