Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / උසස් පෙළ ජීව විද්‍යාව - ඒකක අනුව වර්ග කළ විභාග ප්‍රශ්න පත්‍ර විවරණය 2

උසස් පෙළ ජීව විද්‍යාව - ඒකක අනුව වර්ග කළ විභාග ප්‍රශ්න පත්‍ර විවරණය 2

About this book

මෙම පොත මගින් පසුගිය වසර 34 ක දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල 1985 සිට 1999 දක්වා අ.පො.ස උ.පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ වසර 2000 සිට 2017 දක්වා නිකුත් කළ ජීව විද්‍යාව යන විභාග ප්‍රශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වල, පිළිතුරු සහ බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කෙරේ.

ග්‍රන්ථ හතරකින් යුත් ග්‍රන්ථ මාලාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථ මගින් සියලු විභාග ප්‍රශ්න ඒකක අනුව වර්ග කර ඇත.

මෙම පොත පසුගිය උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර 39 ක් සහ ඒවාට පිළිතුරු සහ විවරණ සහිතව මෙතෙක් ලියවී ඇති එකම ජීව විද්‍යා පොත වන අතර ඔබ ඉගෙන ගන්නා සෑම ඒකකයක් අවසානයේදීම මෙම පොත දී ඇති උපදෙස් අනුව පරිහරණය කලහොත් ඔබගේ විෂය දැනුම යලි නොමැකෙන සේ මනා ලෙස මනසේ තහවුරු වනු ඇත. ප්‍රශ්න පත්‍ර 39 ක විභාග ප්‍රශ්න යනු එම ඒකකය පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ලයි. එයින් තොරව ඔබෙන් ඇසිය හැකි නව දැනුමක් නොමැත.

මෙම ග්‍රන්ථය සංස්කරණය කරන විට මා දුටු දෙයක් නම් බොහෝ ප්‍රශ්න යලි යලිත් ප්‍රශ්න පත්‍රවල ඇතුලත් වන බවයි. එබැවින් ඒකක 10 සඳහාම මා විසින් ලියන ලද මෙම ග්‍රන්ථ මාලාව සෑම ඒකකයක් අවසානයේදීම අභ්‍යාසයේ යෙදවීම තුළින් ජීව විද්‍යා විෂය පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ක්ෂණිකව ලබාදීමේ හැකියාවක් සහිත දැනුමේ සිදුරු නොමැති, ප්‍රශ්න හමුවේ සසල නොවී පිළිතුරු සෙවිය හැකි තහවුරු වූ, පූර්ණ දැනුමක් සහිත අභිමානවත් සිසුවකු බවට පත්වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ISBN
9789554741027
පිටු ගණන (Pages)
189
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උසස් පෙළ ජීව විද්‍යාව - ඒකක අනුව වර්ග කළ විභාග ප්‍රශ්න පත්‍ර විවරණය 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.