උතුම් කාන්තා රත්නයක් වූ යශෝධරා තෙරණිය
"පියරජතුමනි, මම, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදුබව පතා පෙරුම් පුරණ අවධියෙහි, කිව නොහැකි තරම් ආත්මවල මගේ ම භාර්යාව වී, මම සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලැබූ එකී සූවිසි අවස්ථාවලදී ම, මගේ බිරිඳ ව මා වෙනුවෙන් දානය බෙදීමට සහාය වීමත්, දසපාරමිතා පිරීමට තම ජීවිතය පවා පූජා කරමින් මට සහාය වීමත්, එසේම මම, රාමපණ්ඩිත නම් වූ රජුගේ බිසව වූ සීතාදේවිය නමින් ද, චම්පෙය්‍ය ජාතකයෙහි දිව්‍යනාග රජුගේ සුමනා නම් දිව්‍යනාග දේවිය නමින් ද, ජයද්දිස ජාතකයෙහි අලීනසත්තු දේවි නමින් ද, චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍ර දේවී නමින් ද, මහාජනක ජාතකයෙහි මහජනක රජුගේ සීවලී දේවී නමින් ද, ඛද්දසාල ජාතකයෙහි චන්ද්‍ර රාජකුමාරයා ගේ චන්ද්‍රාදේවී නමින් ද, මණිචෝර ජාතකයෙහි බරණැස සිටු දේවී නමින් ද, අනනුසෝචිය ජාතකයෙහි තාපස බමුණන් ගේ තාපස පරිව්‍රාජිකාව නමින් ද, මහාසුසිම ජාතකයෙහි සුසීම නම් රජු ගේ අගමෙහෙසිය නමින් ද, කුණ්මාසපිණ්ඩ ජාතකයෙහි කුණ්මාසපිණ්ඩ රජදේවිය නමින් ද, මා උදයභද්ද නම් රජ කලහි සත්සියයක් අවුරුදු එක යහනෙහි සැතපී බ්‍රහ්මචර්යාවට කිසිදු අන්තරායක් නො කළාවූ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් පවා සාධුකාර ලැබුවා වූ මහාපින්වත් ඒ උදයභද්දා දේවිය නමින් ද, ගංගාමාල ජාතකයෙහි බරණැස රජු ගේ දේවිය නමින් ද, උම්මග්ග ජාතකයෙහි මහෝෂධ පණ්ඩිත ගේ අමරාදේවී නමින් ද, වෙස්සන්තර ජාතකයෙහි වෙස්සන්තර රජුගේ මද්‍රීදේවී නමින් ද, යශෝධරා දේවිය, සංසාරයේ මට ම බිරිඳ වී මා අත් නොහැර ම, මම සමඟ එකට ගමන් කරමින් යශෝධරා විඳි දුක් කන්දරාව, කිව නො හැකි තරම් යයි සුද්ධෝදන පිය රජතුමා ඉදිරියේ පවසා බුදුන් වහන්සේ විසින් යශෝධරා දේවියගේ ගුණ වර්ණනා කළ සේක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.