විපරිත
ඇගේ කීම ඔහු හිස සලා පිළිගත්තේය. සුදුබණ්ඩා තමන්ට පිටුපා යන තම මව දෙස බලා සිටියේය. බුලත් විටක් කටේ රුවාගත් අප්පුහාමි ද බණ්ඩාර මැණිකා යන දෙස බලා සිටියේය. 'තවමත් හැඩකාරියකැ'යි ඔහුට සිතුණි.
"හැබැට උඹලා ඡන්දෙ දීලා නෑ නොවෑ. ඒව්ව ගැන කොහොමද දන්නෙ? උන්දලා අපේ ඡන්දෙ ඇන්න යනවා. ඉතින් ඔය කාලෙකට පස්සේ ගමේ මොනා හරි හොඳ වැඩක් කොරනවා. ඊට පස්සේ ආයේ වතාවක් ඡන්දෙ ඉල්ලනවා. එහෙම තමයි උන්දලගේ හැටි. සමහර කාලවලදිත් මොකවත්ම කොරන්නෙ නැතුවත් ඡන්දෙ ඉල්ලනවා. අපේ ඇත්තෝ එදාව මහන්සිවෙලා ගිහුල්ල ඡන්දෙත් දෙනවා. ඒක හරියට පුතා සිරිතක් වාගෙ වෙලා. උන්දලා ඉල්ලනවා, අපි දෙනවා. එච්චරයි වෙන්නෙ."
"එහෙනම් මක්කේ මේ දෙගොල්ලොම එකතු වෙලා කොරන මගඩියක් වාගෙ. බෑනො මේ ඇවිල්ලා තියෙන්නෙ මං කිව්ව විපරියාස කාලෙම තමයි. ඔය විදිහට එහෙම ගියොත් නම් ඉතින් ආයෙ දෙයියෝ කිව්වත් නවත්තන්ඩම බැරුව මේ ගම්තුලානෙ දුප්පත් ඇත්තන් වලපල්ලටම යනව."
"මට උඹේ අණ්ඩර දෙමළේ තේරෙන්නෙ නෑ බෑනො. උඹලා එහේ ගිහුල්ලා මොනා කෙරුවා කිව්වද?" අප්පුහාමි නැවත ඇසුවේය.
"ඔය ඇත්තෝ කියන්නේ උද්ඝෝෂන කෙරුවා කියලා. ඒක ඔය මහ වචනේ දැම්මට අමාරු එකක් නොවේ අප්පච්චී. අපි එකතු වෙලා බෝඩ් අල්ලගෙන කෑගගහා පැයක් විතර මහ පාරේ අයිනට වෙලා ඉඳලා උත්තරේකුත් ඇන්න තමයි ආවේ" සුදුබණ්ඩා කීවේය.
"මොකක්ද උත්තරේ?"
"තව දෙක තුනකින් විතර ඒව්වලට කාසි පනම් දෙනවා කියලා ඔය අම්පාරේ ඉන්නා ලොකු මහත්තයෙක් කියලා ගියේ. කාසි පනම් ලැබෙයි."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.