Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ්‍ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප්‍රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි.

දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව්‍යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප්‍රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග්‍රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්" කෘතිය ඔහුගේ ගැමි ඇසුර මොනවට විදහාපාන්නකැයි පැහැදිලිය.

දිගාමඬුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමඟ ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.

ISBN
978956680269
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැද්දට හඳ පායාවිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.