Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විශ්වවිද්‍යාලය බිහි වීම සර් අයිවන් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විශ්වවිද්‍යාලය බිහි වීම සර් අයිවන් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

About this book

බ්‍රිතාන්‍ය ජාතික තිස්හත් හැවිරිදි අයිවර් ජෙනිංග්ස්, 1941 දී ලංකාවට හදිසියේ පැමිණියේ ඇයි? මෙය සැබවින් ම එක්තරා අන්දමක ගැටලුවකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද මේ බුද්ධිමතා, ලන්ඩන් ආර්ථික විද්‍යා සහ දේශපාලන විද්‍යා ශාස්ත්‍රාලයේ ඉතා සාර්ථක අන්දමින්

තම වෘත්තියේ නියැළෙමින් ශීඝ්‍ර දියුණුවක් අත් කර ගෙන සිටියේය. කොළඹ වරායට ඔහු පැමිණෙන විට ඔහු අතින් ලියැවුණ ඉතා ප්‍රකට ග්‍රන්ථ හතරක් වූ The Law and the Constitution (1933), Cabinet Government (1936), Parliament (1939) සහ The British Constitution (1941) යන ග්‍රන්ථ ප්‍රකාශයට පත්ව තිබුණු අතර ඒ මුද්‍රණ වාර කීපයකින් නැවත නැවතත් පළ වී තිබුණි. මේ අතුරින් සමහරක් වර්තමානයේද මුද්‍රණයේ පවතී. එතරම් සාර්ථක ප්‍රකාශන පසු බිමකුත්, වෙහෙස දරා වැඩ කිරීම පිළිබඳව ප්‍රසිද්ධියකුත් බුද්ධිමය දක්ෂතාවකුත්, අනාගතයේදී ගෞරවණීය තනතුරක් පිළිබඳ සැබෑවන සිහිනයක් දැකීමට අවකාශයකුත් තිබියදීය, ඔහු කොළඹට පැමිණියේ. බැලූ බැල්මට කොළඹ තනතුර මේ කිසිදු සෞභාග්‍යයක් ඔහු වෙත ළඟා කළේ නැත. එහි ලා ඔහුට පැවරුණු කාර්යභාරය වූයේ විශ්වවිද්‍යාල කොලේජිය, අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කොට එම විශ්වවිද්‍යාලය අගනුවරින් ඈත ගම්බද පෙදෙසක් වෙත රැගෙන යාම පමණක් නොව ගෝලීය ලන්ඩනයේ දේශපාලන කැලඹීමෙන් මෙන් ම කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පොදු විවේකාගාරයේ ඇති බුද්ධිමය ස්ථාවර භාවයෙන් ඈත්ව ආසියානු පරිසරයක් තුළ එය ක්‍රියාත්මක කිරීමය.

එවැනි අධ්‍යාපන ක්‍රියාවලියක් පෙරදිග නිර්මාණය කිරීම තවත් ගැටලු සහගත වූයේ මුළුමනින්ම පාහේ බ්‍රිතාන්‍ය ආදර්ශයන් මත පදනම්වව උතුරු අත්ලාන්තික් සාගරයේ ඈතික් එන පරිකල්පනය කළ නොහැකි විෂය මාලා පෙරදිග ගම්බද පිහිටි විශ්වවිද්‍යාලයක දියුණුව උදෙසා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හුරු වීම ශිෂ්‍යයන්ට සහ පීඨයන්ට ස්වභාවයෙන්ම දුෂ්කර වූ නිසාය. කෙසේ වෙතත්, ජෙනින්ස්ගේ සුව පහසු විශ්වවිද්‍යාල ජීවිතයේ ස්වභාවික නැඹුරුව ශාස්ත්‍රීය අංශයේ පැවැත්ම කෙරෙහි යොමු වී තිබුණද, ඔහුගේ අභිමතය එයට වඩා වෙනස් විය. එබැවින් දෙවන ලෝක යුද කාල සමයේදී ලන්ඩන් ආර්ථික විද්‍යා සහ දේශපාලන විද්‍යා ශාස්ත්‍රාලයෙන් ඉවත්ව බ්‍රිතාන්‍යයට පමණක් නොව, යටත් විජිත අධිරාජ්‍යයටම රාජ්‍ය සේවය තුළින් දායක වීමට ජෙනිංග්ස් ඉදිරිපත් විය. එසේ වුවද, මෙය ප්‍රතික්ෂේප කෙරිණි. මම අපෙක්ෂාවන් සිතෙහි තබාගෙන ඔහු කොළඹ තනතුර භාර ගත්තේය. ජෙනිංග්ගේ කොළඹ පැමිණීම ගැන උද්‍යෝගයෙන් සිටි වාර්තාකරුවන් අමතා කළ ප්‍රකාශයක්, කළ ප්‍රකාශයක්, ඔහුගේ අභාවයෙන් පසු පළවු ඔහුගේ චරිතාපදානයෙහි සටහන් වී ඇත්තේ මෙපරිදිය;

“ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු පිළිබඳව යමක් මම දැන සිටියෙමි. ඇත්ත වශයෙන්ම, මා සිතන්නේ ඒ පිළිබඳව ඔවුන්ට උපදෙස් දියහැකි ලෝකයේ සිටින එකම පුද්ගලයා මා බවය."

Details
ISBN
9786249728929
පිටු ගණන (Pages)
458
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: විශ්වවිද්‍යාලය බිහි වීම සර් අයිවන් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

Reviews are published once a member of our team has read them.