Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වන සතුන් මැද සත් වසක්
About this book

ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය 

ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත 

ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල්විසින් ලියන 

ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. 

ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් 

මෝහනයට පත් වූ විදේශීය ලේඛකයන් අතරින් 

ඩග්ලස් රැෆල්ට හිමිවනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය 

ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ 

උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් 

පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන 

හැමවැකියකින්ම සහෘදයාට “පත්තියම්” වේ. 

ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග්‍රාම භූමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ සන්නාහයෙන් සමුගත්තේ නිදහස් ලොවකට පිවිසීමේ දොරටු විමසමිනි. නාගරික සුඛෝපභෝගීජීවින චර්යාවද ඔහුට කල් කදුරු වී තිබිණ.

ඔහු රුහුණු වන ගැබට ඇතුළු වූයේ දේවාරාධනයෙන් ස්වර්ග රාජ්‍යයට පිවිසුණු තරමේ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාම වෙමිනි. 

ඩග්ලස් රැෆල් ජන්මලාභය ලැබූයේ ලංකාවෙහි ය. නිහඬ ජීවිතයක් ගත කරමින් ස්වභාව ධර්මය හා එහි නිර්මාණයන් කෙරෙහි තියුණු ප්‍රේමණීය විචාරාක්ෂිය යොමු කළ හෙතෙම ස්වකීය ජීවන චර්යාව හා චින්තන රටාව නිසා තරුණ පරපුරේ ආදරයටත්අවධානයටත් පාත්‍ර වූයේය. ජනප්‍රිය ලේඛකයකු ලෙසින් හේ ජීවමාන වෙයි.

ISBN
9789556561678
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වන සතුන් මැද සත් වසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.