වන සතුන් මැද සත් වසක්

Special Price රු. 578.00 Regular Price රු. 680.00
In stock
SKU
wana-sathun-meda-douglas-raffel-sarathchandra-jayakodi-sooriya

ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය 

ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත 

ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල්විසින් ලියන 

ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. 

ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් 

මෝහනයට පත් වූ විදේශීය ලේඛකයන් අතරින් 

ඩග්ලස් රැෆල්ට හිමිවනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය 

ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ 

උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් 

පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන 

හැමවැකියකින්ම සහෘදයාට “පත්තියම්” වේ. 

ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග්‍රාම භූමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ සන්නාහයෙන් සමුගත්තේ නිදහස් ලොවකට පිවිසීමේ දොරටු විමසමිනි. නාගරික සුඛෝපභෝගීජීවින චර්යාවද ඔහුට කල් කදුරු වී තිබිණ.

ඔහු රුහුණු වන ගැබට ඇතුළු වූයේ දේවාරාධනයෙන් ස්වර්ග රාජ්‍යයට පිවිසුණු තරමේ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාම වෙමිනි. 

ඩග්ලස් රැෆල් ජන්මලාභය ලැබූයේ ලංකාවෙහි ය. නිහඬ ජීවිතයක් ගත කරමින් ස්වභාව ධර්මය හා එහි නිර්මාණයන් කෙරෙහි තියුණු ප්‍රේමණීය විචාරාක්ෂිය යොමු කළ හෙතෙම ස්වකීය ජීවන චර්යාව හා චින්තන රටාව නිසා තරුණ පරපුරේ ආදරයටත්අවධානයටත් පාත්‍ර වූයේය. ජනප්‍රිය ලේඛකයකු ලෙසින් හේ ජීවමාන වෙයි.

Author සරත්චන්ද්‍ර ජයකොඩි - Sarathchandra Jayakodi (1), Douglas Raffel (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556561678
පිටු ගණන 259
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වන සතුන් මැද සත් වසක්
Back to Top