Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක / වර්තමාන අර්බුදය ජය ගතහැකි මග

වර්තමාන අර්බුදය ජය ගතහැකි මග

About this book

ආර්ථික අහස් මාළිගාවකින් මහ පොළොවට බැසීමට ශ්‍රී ලංකා ආර්ථිකයේ පරදු දරන්නන් සැමට සිදු වී ඇත. මවා පෙන්වමින් තිබූ සංවර්ධනයේ සුරංගනා ලෝකය යථාර්ථයක් නො වන බව පසක් කරනු ලැබ තිබේ. තම ආදායම ඉක්මවා දිගින් දිගටම වියදම් දරන්නකු ගේ ස්වභාවික ඉරණම වන ණය බරට වඩාත් අතමාරු ලබා ගැනීමට නොහැකි විට ඇති වන පරිභෝජන අහේනියට මේ වන විට අප රට මුහුණ දෙමින් සිටියි. දේපොළ උගස්වීම හා විකිණී යාම මෙන් ම අනාගත පරපුරේ ස්වේරීත්ව උරුමය අහිමි වී යාම, මේ ගමන නොවෙනස් ව ඉදිරියට ගියහොත් අපට හමු වීමට නියමිත සන්ධිස්ථානයි.

කඩා වැටුණු ආර්ථිකය පිළිබඳව ආර් ඒ ජයවීරයන් සිය අදහස් කැටි කරන්නේ මේ සන්දර්භය තුළයි. එය ඉතා කාලීන විවරණයකි. මේ වන විට අප මුහුණ පා ඇති දුෂ්කරතා පිළිබඳව පොදුවේ ඇත්තේ එකඟතාවක් වුව ද, ඒවා විසඳා ගැනීම උදෙසා කළ යුතු දෑ පිළිබඳව විවිධ න්‍යායික මතිමතාන්තර තිබිය හැකි ය. අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ ජාතියේ අනාගත ස්වෛරීත්වයට හානි නොකෙරෙන මාවතක් ඔස්සේ ය. ඒ මාවත නිසි පරිදි පාදා ගැනීමට නම් අර්බුදයට පාදක වූ හේතු පිළිබඳව වන යථාර්ථවාදී වටහා ගැනීමක් අත්‍යවශ්‍ය වෙයි. පියදාස සිරිසේනයන් ගෙන් පසුව "අපට වෙච්ච දේ" හඳුනා ගැනීමට තැබෙන මූලික පියවරෙන් ඇරැඹෙන මේ කෘතියෙන් පිළිබිඹු වන්නේ එවන් ප්‍රයත්නයකි.

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය

ISBN
9786249945302
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වර්තමාන අර්බුදය ජය ගතහැකි මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.