වෙනස් වෙන්න පටන් ගන්න
අමිල මුතුකුට්ටි අපට නිතර හමුවනුයේ පුවත්පත් විශේෂාංග ලිපි අතරිනි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ඔහුගේ සරල විග්‍රහ ගැඹුරු අරුත්හි පැහැදිලි ප්‍රතිබිම්බ සේ දැක්විය හැකිය. ආර්ථික ක්ෂේත්‍රයේ මෙන්ම, සමාජීය කරුණු සම්බන්ධයෙන් ද ඔහුගේ විවරණ සිත්ගන්නා සුලුය. ගුවන්විදුලි සහ රූප මාධ්‍ය වැඩසටහන්වලින් ද ඔහු ජනවහරට සමීපව යමින් පුළුල් ආර්ථික විශ්ලේෂණයක යෙදෙයි.
'වෙනස් වෙන්න පටන් ගන්න' පුද්ගල සාර්ථකත්වය උදෙසා ඔහුගේ ගවේෂණයයි. සරල උදාහරණ සහිතව ඔහු ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දීමට මෙම කෘතියෙන් සමත්ව සිටී. මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාවේ සිදුකරන වෙනස්කම් මගින් ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන මග ඔහු මෙහි දී පැහැදිලි කරයි. මෙය ජීවිතයේ ජයග්‍රහණය අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වන කියවීමකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.