Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ

විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ

About this book
දැනට තර්ක ශාස්ත්‍රය විෂයය ඉගැන්වීමෙහි නිරත වී සිටින එම්.මික්ඩාඩ් මහතා විසින් සම්පාදනය කර ඇති විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ නැමැති මෙම ග්‍රන්ථය නව නැම්මකින් යුක්තව ඉදිරිපත් කර ඇති අතර අධ්‍යාපන උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍රය පිළිබඳ විෂයයට අළලා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ඒකක 62 කින් සමන්විතය. කතෘගේ අපේක්ෂාව වී ඇත්තේ අදාල විෂය ක්ෂේත්‍රය තුළ සඳහන් විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් පිළිබඳව කිසියම් හැඳින්වීමක් ලබාදීමයි. ඒ අනුව අදාල දාර්ශනිකයින්ගේ අදාල පින්තූර ඇතුළත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ සැළකිය යුතු විමසුමක් මෙම ග්‍රන්ථයෙන් සඳහන් කෙරේ. තර්ක ශාස්ත්‍රය විෂයය මෑතක සිට ඉතා ජනප්‍රිය විෂයයක් බවට පත් වී ඇත. මෙම විෂයය ක්ෂේත්‍රයේ එක් වැදගත් කොටසක් වන විද්‍යාඥයෝ හා දාර්ශනිකයෝ පිළිබඳව නිවැරදිව ලියා පළකර ඇති පොත් ඉතා සීමිත බැවින් මෙය යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරන බව කිව හැකිය. ආකිමිඩිස්, ඇරිිස්ටෝටල්, ගැලීලියෝ ගැලිලි, නිව්ටන්, චාල්ස් ඩාවින් යන ප්‍රධාන විද්‍යාඥයින් 62ක් පිළිබඳව හැඳින්වීමක් මෙහි දැක්වේ. මෙම විද්‍යාඥයින් විසින් පරීක්ෂණ පැවැත්වූ ආකාරයත් එම පරීක්ෂණ ඇසුරින් සොයාගනු ලැබූ නියම හා වාද පිළිබඳවත්, ෆ්ලෙමින් පෙනිසීලින් සොයාගත් ආකාරයත් නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. මෙය උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය නිර්දේශයට ඉලක්ක කර සකස් කර ඇතත් විද්‍යාත්මක චින්තනය පිළිබඳ කරුණු සොයන ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් බව කිව හැකිය. මහාචාර්ය ඩබ්ලිව්. එම්. ජයරත්න
ISBN
9786245561070
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.