Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / වෘක්ෂශ්‍රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

වෘක්ෂශ්‍රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

මානව පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම පරිණාමීය පසුබිම තුළ විද්‍යමාන වන පැහැදිලි කරුණක් වනුයේ මිනිසාගේ පැවැත්ම සඳහා ඇති පරිසරයේ උපයෝගීතාවයි. මිනිසා සහ පරිසරය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතී. මිනිසාගේ පැවැත්ම පූර්ණ වශයෙන්ම ශාක මත රඳා පවතින අතර, මිනිසා ඇතුළු සෑම සත්ත්වයෙක්ම ශාක නිපදවන ආහාර මත යැපේ. එලෙසම ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව ශාක ප්‍රභාසංස්ලේෂණයේ දී පරිසරයට නිදහස් කරයි. මෙලෙසින් මිනිසාගේ මූලික අවශ්‍යතා සියල්ලම පාහේ පරිසරය මත පදනම් වී ඇත. පරිසර විනාශය මේ සියල්ල අහිමි කරනු ඇත. නියෝලිතික යුගයේ වැදගත්ම සන්ධිස්ථානය වනුයේ ශාක හා සත්ත්ව ගෘහස්ථකරණයයි. සංස්කෘතිකමය වශයෙන් සහ ජෛවීය වශයෙන් පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව නූතන මිනිසාට පවතී. පරිසර සංරක්ෂණය පිළිබඳව නව මුහුණුවරකින් සාකච්ඡා කෙරෙන මෙම ග්‍රන්ථය පොදුවේ කාටත් රසවිඳිය හැකි ග්‍රන්ථයකි. බහු විනයාත්මක දෘෂ්ටි කෝණයකින් රචනා කොට ඇති මෙම ග්‍රන්ථය පොදුවේ සියලු දෙනාටම සුවිශේෂී වන ආකාරයේ කරුණු රැසකින් සමන්විතව මහාචාර්ය ජයන්ත ජයසිරි විසින් නිර්මාණය කර ඇත.

ආචාර්ය නෙළුම් කාන්තිලතා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

මානව විද්‍යා අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ISBN
9786242042176
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෘක්ෂශ්‍රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.