Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යාපනය
About this book
යාපනය යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද්‍යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදි බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද්‍යා අධ්‍යයන සඳහා විධික්‍රමයක් ගොඩනැගීම සඳහා ප්‍රවේශය සකස් කර ගනු ලැබී ය. මෙහි දී පුරාවිද්‍යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශීයක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප්‍රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති මැටි බඳුන් සමඟ සාපේක්ෂ කාලනීර්ණ ක්‍රමවේද මඟින් දිනවකවානු ලබාගෙන ඇති අතර ඒ සඳහා රේඩියෝ කාබන් වැනි විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමවේද මඟින් දින නියම ලබා ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වේ. එම කැණීම් කම සහ භූ භෞතික ගවේෂණ ක්‍රම මඟින් පොළොව අභ්‍යන්තරයේ වූ පුරා විද්‍යාත්මක සාධක හඳුනාගෙන මුල් ජනාවාස රටා පිළිබඳ සාධක සපයා ගෙන ඇත. මෙම පිඟන් භාණ්ඩ තොරතුරු මඟින් පැහැදිලි කරන්නේ ඉන්දීය සාගරයේ පැවැති සාමුද්‍රික වෙළඳාමේ බලගතුකම සහ ශ්‍රී ලංකාව ඒ සඳහා ලබා දුන් දායකත්වයයි.
ISBN
9786245200566
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යාපනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.