යාපනය

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
yapanaya-prishantha-gunawardana-neptune-publication
Author ප්‍රිශාන්ත ගුණවර්ධන - Prishantha Gunawardhana (7)
Publisher නෙප්චූන් පබ්ලිකේෂන්ස් - Neptune Publications (23)
යාපනය යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද්‍යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදි බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද්‍යා අධ්‍යයන සඳහා විධික්‍රමයක් ගොඩනැගීම සඳහා ප්‍රවේශය සකස් කර ගනු ලැබී ය. මෙහි දී පුරාවිද්‍යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශීයක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප්‍රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති මැටි බඳුන් සමඟ සාපේක්ෂ කාලනීර්ණ ක්‍රමවේද මඟින් දිනවකවානු ලබාගෙන ඇති අතර ඒ සඳහා රේඩියෝ කාබන් වැනි විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමවේද මඟින් දින නියම ලබා ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වේ. එම කැණීම් කම සහ භූ භෞතික ගවේෂණ ක්‍රම මඟින් පොළොව අභ්‍යන්තරයේ වූ පුරා විද්‍යාත්මක සාධක හඳුනාගෙන මුල් ජනාවාස රටා පිළිබඳ සාධක සපයා ගෙන ඇත. මෙම පිඟන් භාණ්ඩ තොරතුරු මඟින් පැහැදිලි කරන්නේ ඉන්දීය සාගරයේ පැවැති සාමුද්‍රික වෙළඳාමේ බලගතුකම සහ ශ්‍රී ලංකාව ඒ සඳහා ලබා දුන් දායකත්වයයි.
More Information
ISBN 9786245200566
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යාපනය
Back to Top