සීගිරිය - ආරාමික පුරාවිද්‍යාව
කාශ්‍යප රජතුමා විසින් සීගිරිය රාජකීය හා නාගරික සංකීර්ණයක් බවට දියුණු කළහ. නගර සැලසුම්කරණය, මාලිගා, උද්‍යාන, වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ විශිෂ්ට ස්ථානයක් හිමි වේ. කොටු පවුර, දිය අගල්, දොරටු, උද්‍යාන ආදිය නාගරික හා රාජකීය සංකීර්ණය තුළින් හඳුනා ගත හැකි වැදගත් නාගරික අංග වශයෙන් දැක්විය හැකිය. මෙම සියළු අංග එක්තැන් කරනු ලැබුවේ කාශ්‍යප රජුගේ අවුරුදු 18 ක පාලන කාලයේදී වීම කැපී පෙනේ. කාශ්‍යප රජතුමාගේ පාලන කාලයෙන් පසුවද නාගරීකරණය සීගිරි ප්‍රදේශවල වර්ධනය වූ බවට පුරාවිද්‍යා සාධක පවතී. මෙම කාලයේදී සීගිරි නගරය තුළ පබ්බත විහාරාරාම නමින් හඳුන්වන බෞද්ධ විහාරාරාමයක් ක්‍රියාකාරීව පැවති බවට තොරතුරු විද්‍යමාන වේ.
අනෙක් අතට කාශ්‍යප රජතුමා විසින් සීගිරිය පුළුල නාගරීකරණයට හසු කර ගැනීමට පෙර සීගිරි පර්වතය පාමුල ක්‍රි. පූ. මුල් කාලයේදී බෞද්ධ විහාරාරාම වර්ගයක් ලෙස පුරාවිද්‍යාඥයින් හඳුන්වන ලෙන් විහාරාරාම සංකීර්ණයක තොරතුරු විද්‍යමාන වේ. වසර කිහිපයකට පෙර සීගිරියේ බෞද්ධ පසුබිම පිළිබඳව ඉදිරිපත් කළ අදහස් මෙම ග්‍රන්ථය මඟින් යළි විමසීමට ලක් කර ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.