Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දාඨාසේන මහ සෙනෙවි

දාඨාසේන මහ සෙනෙවි

About this book

සිංහල ඓතිහාසික නවකතාවට නව ප්‍රවේශයක් හා අලුත් අර්ථ කථනයක් හඳුන්වාදෙමින් බන්දුසේන ගුණසේකර විසින් රචනා කරනු ලබන ඓතිහාසික නවකතා පොත් පෙළෙහි දසවැන්න මෙයයි.

කාවන්තිස්ස රජතුමාගේ සහ විහාරමහා දේවියගේත්, ගැමුණු කුමාරයාගේත් විශේෂ සැලකිල්ලට, ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ මහ සෙනෙවි දාඨාසේන තුන් සිංහලය ජය ගැනීමේ විමුක්ති සංග්‍රාමයේ දී, සේනාධිපති නන්දිමිත්‍ර තරම් ම එම වීරෝදාර කාර්යයෙහි ප්‍රධාන කොටස්කරුවා විය.

මහ සෙනෙවි දාඨාසේනගේ මෙම ඓතිහාසික වෘත්තාන්තයෙහි සැකිල්ල ඔහු නිර්මාණය කොට ගත්තේ සද්ධර්මාලංකාරයෙහි සඳහන් ගැමුණු රජතුමාගේ දොළොස් මහ යෝධයන් ගැන කෙරෙන විස්තරයෙන් බව පවසයි.

දාඨාසේන යෝධයා ගැන එහි ලියැවුණු පූර්වාපර විස්තර බැහැර කොට වර්තමාන කතාවෙහි එම යෝධයාගේ චරිතයෙහි මානුෂිකත්වය, වීරත්වය, පෞරුෂය හා ප්‍රෞඪත්වය උකහා ගනිමින් එම චරිතය නිර්මාණය කිරීමට උත්සාහ දරා ඇත.

ISBN
9789556863604
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දාඨාසේන මහ සෙනෙවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.