සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
sinhala-hodiya-danagan-indura-bandusena-dayawansha

සිංහල භාෂාව සිංහල සමාජයත් සංස්කෘතියත් සමඟ අවුරුදු තුන් දහසකට අධික කාලයක් තිස්සේ පරිණාමයට පත් ආකාරය අක්ෂර විකාශනය අනුව ද හඳුනා ගත හැකි ය. 

“සිංහල හෝඩිය දැනගන් ඉඳුරා” ලියැවුණේ මේ දැනුම ළං කර දෙන්නට ය. “නුවන ලබා දෙන දෙවියෝ අකුරු යැ” යි කුමාරතුංගයෝ කීහ.

මව්බසෙහි සංජානනය උසස් චින්තනය සඳහා පිටුබල වෙයි. බුද්ධිමය කල්පනා මහිමයත්, ව්‍යක්ත ප්‍රකාශන ශක්තියත්, සමාජයේ බැබළෙන පෞරුෂයත් එමගින් අත්පත් කර ගත හැකි ය. 

මෙම සිඟිත් පොතෙන් කෙරෙන්නේ එයට පදනම හෙළීමකි. 

සිංහලයා අන් සියලු භාෂාවනට ම වඩා හොඳින් සිංහලය උගත යුතු ය. ඔහුගේ චරිත ශක්තියත් නිර්මාණ කුසලතාත් මිනිස් ගුණත් වැඩෙන්නේ එමඟිනි. ඔහු දෙසට, බසට, රැසට ආදරය කරන්නෙක් ද වෙයි. ඥාන ගවේෂණයට එයින් ඇති වන නැඹුරුව ද මහඟු ය.

Author බන්දුසේන ගුණසේකර - Bandusena Gunasekara (8)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555517072
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිංහල හෝඩිය දැනගන් ඉඳුරා
Back to Top