Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / යතුරු සිදුරෙන් එබී බලන්නා

යතුරු සිදුරෙන් එබී බලන්නා

ප්‍රකාශක (Publisher): Full Moon Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඇල්බර්ටෝ මොරාවියා (1907 - 1990) පසුගිය සියවසේ වඩාත්ම අවධානයට ලක් වූ ඉතාලි ලේඛකයා ලෙස සැලකෙනවා. දාහත් වෙනි වියේදී ලියූ සිය පළමු නවකතාවෙන්ම ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා ගත්තා.

ධනේශ්වර සමාජ ආර්ථික රාමුවක සිරගතව, සිය පුද්ගලභාවය අහිමි කර ගත් මිනිසා පිළිබඳව කෙරෙන තියුණු සහ උපහාසාත්මක ගවේෂණයක් මොරාවියාගේ සාහිත්‍ය නිර්මාණ තුළ අන්තර්ගත වෙනවා. පුද්ගල සබඳතාවල ආදරය අහිමි වී ගොස්, ඒවා හුදෙක් යාන්ත්‍රික හා ද්‍රව්‍යමය සබඳතා බවට පිරිහෙළී ඇති සැටි ඔහු අනාවරණය කරන්නේ ලිංගිකත්වය කවුළුවක් බවට පත් කර ගනිමින්.

'යතුරු සිදුරෙන් එබී බලන්නා' ලෙස පරිවර්තනය වන The Voyeur මොරාවියා රචනා කරන්නේ 1985දී. සිය ජීවිතය සුව පහසු, සන්සුන්, සුපිරි ජීවිතයක් සේ හුවා දක්වන ඉහළ මැද පාන්තික ජීවන රටාව තුළ පුද්ගලයා අභ්‍යන්තරිකව අත් විඳින හුදකලාවත්, අසහනයත්, අධ්‍යාත්මික බිඳ වැටීමත් මේ නවකතාව තුළින් කදිමට නිරූපණය වෙනවා.

ISBN
9789553604002
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යතුරු සිදුරෙන් එබී බලන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.