1948 සිට 1978 දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත වී ඇති වසර 76 තුල මෙරට දේශපාලන කටයුතු පිළිබඳ ඉතිහාසය පැහැදිළි අවධි දෙකකට බෙදා දැක්වීමට පුළුවන. ඒ නිදහස ලැබූ දින සිට 1978 දක්වා මෙරට සිටි පාලකයින් දේශීයත්වය යලි ගොඩනැගීමට ප්‍රයත්න දැරූ අවධිය සහ විදේශීය කරණය දෙසට යලි යොමු වූ ආකාරය පැහැදිළිව හඳුනාගත හැකි 1978 සිට වර්තමානය දක්වා අවධිය වශයෙනි.
මෙම තත්ත්වය පැහැදිළි කෙරෙණ සාධක හඳුනාගත හැකි ප්‍රධානතම මූලාශ්‍රය වනුයේ ඉංග්‍රීසින් විසින් අපට සම්පාදනය කර දෙන ලදුව 1948 සිට ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්වදේශික විද්වතුන් විසින් සම්පාදනය කරන ලද 1972 පළමුවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එකී ව්‍යවස්ථාව වෙනුවට එහි කොඳුනාරටිය බිඳ දැමූ 1978 දෙවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වේ.
ප්‍රධාන වශයෙන් අධිරාජ්‍යයවාදී යටත් විජිතවාදයෙන් මිදී දේශයේ ස්වාධීනත්වය යලි ගොඩනගා ගැනීමට ප්‍රයත්න දරන ලද 1978 දක්වා වූ පළමුවෙනි අවධිය පිළිබඳව පමණක් සාකච්ඡා කෙරෙන මෙම කෘතිය පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම දේශපාලනඥයන් සහ පොදු මහජනතාවද අරමුණු කොට, ඒ අවධියේ දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රධානියා වූ අගමැති තනතුර දැරූ සිව් දෙනාගේ පාලන අවධි අලලා ලියා ඇති සරල ඉතිහාස පොතක් බව කිව යුතුව ඇත. 1978න් පසු අවධිය පිළිබඳව දෙවෙනි වෙළුමකින් සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කෙරේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.