Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙන්රි මෙරිල් පාපැදියෙන් ලංකාවේ සිට ලන්ඩනයට

හෙන්රි මෙරිල් පාපැදියෙන් ලංකාවේ සිට ලන්ඩනයට

ප්‍රකාශක (Publisher): RW Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වයස 19 ක් වැනි වූ නිර්මල් වයසේදී මව්පියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් පමණක් නොව මව්බිමෙන්ද වෙන්වී ලංකාවේ සිට ලන්ඩනයට අවදානම් පාපැදි ගමනක යෙදුණු හෙන්රි මෙරිල් ප්‍රනාන්දු වීරයෙකි. ඔහු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රැකියාවක් සොයා අනාගතය වෙනුවෙන් මෙවන් අවදානම් ගමනක යෙදුනා යැයි කීවද එය සම්පූර්ණ සත්‍යය නොවේ.

එසේ නම් පා පැදියක නැගී නොදන්නා රටවල් මෙන්ම නාඳුනන මිනිසුන් සමග ගැවසෙමින් ගිරි දුර්ග, ජල දුර්ග, කාන්තාර පසු කරමින් මෙවන් අවදානමක් ගතයුතු නැත. ඔහුට ආයුධ සන්නද්ධ මංපහරන්නන්ගෙන් මිනීමරුවන්ගෙන් පමණක් නොව අලින්, සිංහයන්, කොටින්, වෘකයන් වැනි සතුන්ගෙන්ද ජීවිතය බේරාගත යුතු විය. කුසගින්නෙන්, පිපාසයෙන් පීඩිතව කාන්තාරවල වැලි කුණාටුවලට මුහුණ දෙමින් ජීවිතයේ අන්තිම බලාපොරොත්තුවද බිඳ වැටුණු අවස්ථාවලට ඔහු මුහුණ දුන්නේය.

එහෙත් ඔහු බලාපොරොත්තුව අත් නොහැරියේය. මේ නව යොවුන් තරුණයකුගේ ධෛර්යයේ කතාවයි. දැනට 87 වැනි වියේ පසුවන හෙන්රි මෙරිල් ප්‍රනාන්දු අතීත වීරක්‍රියා ගැන සතුටු වෙමින් තම ත්‍රාසජනක අත්දැකීම් නව පරපුරට බෙදා දෙන්නේ මොන බාධක පැමිණියත් අරමුණ අත්නොහැරිය යුතුය යන පණිවුඩයද සමාජයට ලබා දෙමිනි.

ISBN
9786249469204
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෙන්රි මෙරිල් පාපැදියෙන් ලංකාවේ සිට ලන්ඩනයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.