Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / නළුවෙල ආනන්ද නාහිමි

නළුවෙල ආනන්ද නාහිමි

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

බද්දේගම විමලවංස නායක ස්වාමීන්වහන්සේ ප්‍රථම වරට දුටු මොහොතේ මුදලිහාමිට ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැනිණි. මුදලිහාම් සිතූ පරිදිම විමලවංස නායක හාමුදුරුවෝ ප්‍රතාපවත් මනා පෞරුෂයකින් යුක්ත වූහ. තලඑළෙලූ පැහැ උන්වහන්සේගේ බැල්ම තීක්ෂණ විය. ඒ අනුව විමලවංස නාහිමියන් නායකත්වයටම උපන් හිමි නමක් බව මුදලිහාමිට වැටහිණි. මේ කාලය වන විට විමලවංස නාහිමියන්ට වයස අවුරුදු 50 ක් පමණ වන්නට ඇත. උන් වහන්සේ සමඟ පිරිවෙනේ උගන්වන තවත් ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. ඒ දලුගම ධම්මාලංකාර හිමියෝය. නායක හාමුදුරුවන්ගේ මේ ගාම්භීර පෙනුම නිසා මුදලිහාමි කතා කළේද බයෙන් වගේය.

එවිට මඳක් සිනාවුණු බද්දේගම නායක හිමි මුදලිහාමිගෙන් ඇසුවේ විදේශ ධර්මදූත සේවයට යන්නට කැමතිද යන්නයි.

කොළඹ සිට වැඩම කළ නායක හිමි නමක් නිසාත් මහණ කරන්නේ විදේශ ධර්මදූත සේවය සඳහා නිසාත් මුදලිහාමිට එක්වරම සතුටක් දැනිණි. ඒ වනවිට මහණ වීමට අකැමැත්තෙන් හිටියද එය සිතින් එක්වරම මැකී ගියේය.

ISBN
9786249896611
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නළුවෙල ආනන්ද නාහිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.